රුපියල් බිලියන 2.5ක් (ඩොලර් මිලියන 200ක්) වැය කර දුම්රිය එංජින් සහ මැදිරි ගනනාවක් ඉන්දියාවෙන් මිළදී ගැනීමට ප්‍රවාහන අමාත්‍යංශය සූදානම් වේ. ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙම මිළදී ගැනීම සිදුවන අතර දුම්රිය එංජින් 6 ක් මැදිරි 160 ක හා තෙල් ගබඩා ටැංකි 30 ක් මීට අයත්ය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තරම් සරල සාමාන්‍ය ජීවිතයක් ගත කරන රාජ්‍ය නායකයකු වර්තමානයේ නැතිතරම් ය. ඒ සරලකම නිසාම දෝ වත්මන් ජනාධිපතිවරයාට ලබා දී තිබෙන ආරක්‍ෂාවේ දැඩි දෝෂ සහගත තත්ත්වයක් මතුව තිබෙයි.
විශ්වවිද්‍යාලවල ආචාර්ය තනතුරු 2142 ක් පුරප්පාඩු වී පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අලුත්ම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.
ජනාධිපති ධුරයේ අසීමිත බලතල පාර්ලිමේන්තුවට සහ සමාජයට බෙදාදීම තුළින් බෞද්ධ දර්ශනයේ සදහන් පොදු බව සහ සාමුහිකත්වය තුළින් රට ඉදිරියට ගෙන යාමේ අවස්ථාව උදාවී ඇති බව ජනාධිපතිවරයා පවසයි.
මේ වන විට දිවයිනට පැමිණ සිටින අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා සහ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුව අද (02)පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. විශේෂ කාරණා රැසක් පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු වූ බව වාර්තාවේ.
බලය තිබිය දී සිදු කළ මැර ක්‍රියා ඇතැමුන් අද විපක්ෂයේ සිට කරනවා - රවී
ආණ්ඩු බලය තිබිය දී සිදු කළ මැර ක්‍රියා ඇතැමුන් අද විපක්ෂයේ සිට කරන්නට උත්සහ දරමින් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
නේපාලයේ හටගත් භූකම්පනයෙන් පීඩිත ජනතාවට අවශ්‍ය සහනාධාර රැගත් තවත් ගුවන්යානයක් ශ‍්‍රී ලංකාවේ සිට අද(02) පෙරවරුවේ කත්මන්ඩු නුවර බලා පිටත්ව ගියේය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී130 දරණ ගුවන් යානය නේපාල ජනතාවට අවශ්‍ය, අත්‍යවශ්‍ය භාණ්ඩ මෙට්ටි‍්‍රක් ටොන් දහතුන් දහසක් සහිතව පිටත් වී අැත.