අලුත් ආණ්ඩුවේ පළමු නිළ මාධ්‍ය දඩයම! සුභාෂ් - දීප්ති CID යට
සත්හඬ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධනට අද (10) රහස් පොලිසියේ පෙනීසිටින ලෙස සිදුකළ දැනුම්දීමට අනුව මීට ස්වල්ප මොහොතකට පෙර සත්හඬ කර්තෘ දීප්ති කුමාර ගුණරත්න සහ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධන රහස් පොලිස් මුලස්ථානයට පෙනී සිටියහ. මෙම ජායාරූපයේ දැක්වෙනුයේ එම අවස්ථාවය.
ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන් හෙට
නිදහසේ වේදිකාව සමඟ සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කරන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම හෙට (10) ප.ව. 3.00 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මන්දිරයේදී පැවැත්වේ.
ඇවන්ට්ගාඩ් සමාගමේ ප්‍රධානි විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතා උපුටා දක්වමින් අමාත්‍යවරුන් පිරිසකගේ කීර්තිනාමයට අපහාස වන ආකාරයේ ලිපියක් පල කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 'සත්හඬ' පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව රහස් පොලිසියේ නිලධාරියකු පැවසිය.
තමන් ඇතුළු ඇමතිවරුන් තිදෙනෙකුට අපහාස කල බවට ඇමති රාජිත සේනාරත්න මහතා විසින් පොලිස්පතිවරයාට ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව කල විමසීමකදී එම නිලධාරියා එසේ පැවසිය.
තාජුඩීන් ඝාතනයේ සීසීටීවී දර්ශන ඇති බවට රාජිත කිව්වෙ බොරු
ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මහතාට කෲර වධ හිංසා පමුණුවා අභිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන ඇති බවට කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය ඔහුගේ හිතළුවක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් දැමීමට ගොස් ඇති බව මාධ්‍ය වාර්තා පළ වී තිබේ. ඒ ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති තමන්ට මිළ මුදල් යාන වාහන ලබා දී ඇති බව කළ ප්‍රකාශය නිසාය. එය තමනට අල්ලස් දීමට ගත් තැතක් බව ෆොන්සේකා මහතා පසුගියදා මාධ්‍යවලට ප්‍රකාශ කර තිණි.
ඇවන්ගාඩ්ගෙන් සල්ලි ගත්ත වෙබ්කාරයන් පත්තරකාරයන් දේශපාලුවන්ගේ නම් හෙළි කරනවා - අනුරගෙන් යළිත් සහතිකයක්
ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබාගත් දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් පිළිබඳ තොරතුරු ළඟදීම හෙළිදරව් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙයි.
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර් මැද පෙරදිග ගුවන් සමාගම් හා ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමුව පවතින බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් සුරේන් රත්වත්තේ මහතා පවසයි.
ඇවන්ගාඩ් සිදු වීමට අදාලව ඊයේ දිනයේ සිට සමාජ ජාලාවලත් අද ලංකාදීපය ඇතුළු පුවත්පත් කිහිපයකත් පලව ඇති පුවත ඇමැති චම්පික රණවක මහතා විසින් පිරිවැයක් දරමින් සිදු කළ මෙහෙයුමක් බව අනාවරණය වේ. මෙම පුවත අනුව අතිරේක සොලිස්ටර් ජනරාල් වසන්න්ත නවරත්න බණ්ඩාර මහතා විසින් ඇවන් ගාඩ් සිදුවීමට අදාලව ගොඨාබය රජපක්ෂ, ඇවන් ගාඩ් සභාපති ඇතුළු තවත් තිදෙනකු අත් අඩංගුවට ගත යුතු බව පවසා ඇත. එහෙත් මෙම පුවත අලුත් පුවතක් නොවේ.