රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට සම්බන්ධ සාක්ෂි නැවත විභාග කරමින් පවතින වාතාවරණයක ඔහුගේ වාහනය ගිනිගැනීම සහ මරණය සිදුවීමට අදාල වීඩියෝ දර්ශන වැඩිදුර පරීක්ෂණ සඳහා විදේශ රටකට යැවීම සුදුසු බව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය දැනුම් දී ඇත.
ලලිත් කුහන්ට වුණේ මොකද? කෙහෙළිය මහින්දානන්ද දන්නවා!
මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ දේශපාලන ක්‍රියාකාරීන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් පසුගිය ජනවාරි 02 සෙනසුරාදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති සංවාදයකදී ඝාතනය වූවන් ලෙස නම් කිරීමට නම් මේ දෙදෙනා පැහැරගැනීම හා ඉන් අනතුරුව සිදුවූ දේ පිළිබඳව මහින්දානන්ද අලූත්ගමගේ මන්ත‍්‍රීවරයා දැනුවත්ව සිටිය යුතු බව පොරටුගාමි සමාජවාදී පක්ෂය පවසයි.
'ලංකා පුවත් ආයතනය' නන්දෙටත් ගොඩගන්න බැරි හැඩයි. රාජපක්ෂ පිල්ලි බලවත් වෙයි
ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති ආයතනය, සභාපතිධුරයට නන්ද මුරුතෙට්‍ටුව මහතා පසුගියදා පත් වුණද තවමත් එම ආයතනය පවතින්නේ රාජපක්ෂලාගේ මඩ මාධ්‍ය නඩයක පරිපාලනය යටතේ වීම එම ආයතනය ස්වාධීන පුවත් ආයතනයක් ලෙස අතීතයේ අත්පත් කරග්නේ සිටී කීර්තිය යළි අත්පත් කර ගැනීම මුරුතෙට්‍ටුව මහතාටද නොහැකි තත්වයක්ව තිබෙන බව වාර්තාවේ.
ලතින් අමරිකානු ගායකයෙකුගේ ප්‍රසංගයක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසිද්ධ වේදිකාවක කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් විදෙස් කලාකරුවන්ට ලංකාවේ ප්‍රසංග තහනමක් පිළිබඳ ඉඟියක් පලවූවත් එය වැරදි වටහාගැනීමක් පමණක් බව අමාත්‍ය එස්.බී.දිසානායක පවසයි.
දැදුරු ඔය වනසන ජිෆී, කෘෂි ලේකම්වත් බිල්ලට අරගෙන, ජනපති නියමයෙන් පරීක්ෂණයක් !
පොල් කෙඳි සෝදා පිරිසිදු කිරීම සඳහා ජිෆී කර්මාන්තායතනය යොදා ගන්න කැල්සියම් නයිට්‍රේට් මිශ්‍ර අප ජලය දැදුරු ඔයට පිරිසිදු කිරීමකින් තොරව මුදා හැරීම නිසා පොහොර මහ ලේකම් කාර්යාලය එම ආයතනයට එම රසායන ද්‍රව්‍ය ලබා ගැනීමේ බලපත්‍රය පසුගියදා අත් හිටවනු ලැබීය.
චම්පිකගේ ගෝලයා අයිටීඑන් සේවකයන්ගේ බෝනස් එකටත් කෙලී
ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක මහතාට බාර දි තිබු 'ලක්හඬ' ගුවන් විදුලිය පාඩු පිට පාඩු ලබා බංකොලොත් වීම නිසා ස්වාධීන රූපවාහිනියේ සේවකයන්ට මේ වර්ෂ අවසානයේ දී ලැබීමට නියමිතව තිබු ප්‍රසාද දීමනාව(බෝනස්) කප්පාදු කර ඇත.
වයඹ වනසන නිකෝ ගැටළු දූෂිත කර්මාන්ත වහා තහනම් කරනු!
උපවාසයේ සිටින සිරකරුවන් දෙදෙනාගේ තත්වය අසාධ්‍ය අතට. මාධ්‍ය, මානව හිමිකම් සංවිධාන නිහඬයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලබා බන්ධනාගාර ගතව සිටින සිවරාජා ජෙනිවන් තමන්ට ලබා දුන් අසාධාරණ නඩු තීන්දුවට එරෙහිව 2015.12.07 වන දින සිය උපවාසය ආරම්භ කළ අතර තවත් දේශපාලන සිරකරුවකු වන මුරුගයියා කෝමගන් 2015.12.09 වන දින සිය උපවාසය ආරම්භ කළේය