පෞද්ගලික රෝහල්වල පි.සි.ආර් මාෆියා සිදුවුවහොත් වැඩ වරදී !

Published in පුවත්
Monday, 24 May 2021 09:35

සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශ නොතකා පෞද්ගලික රෝහල් සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණවලින් කොවිඩ් ආසිදිතයන් වාර්තා වුවහොත් ඒ සියලු දෙනාට ප්‍රතිකාර අදාළ පෞද්ගලික රෝහල්වල වියදමෙන් ලබා දිය යුතු බව කොවිඩ් කමිටුව දැනුම් දී තිබෙනවා.

එමෙන්ම නියමිත ධාරිතාවය ඉක්මවා පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන පෞද්ගලික රෝහල්වලට ලබා දී ඇති බලපත්‍රයද අහෝසි කරන බවත් මේ සම්බන්ධව මාර්ගෝපදේශ අදාළ පෞද්ගලික රෝහල් වෙත යවන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කොවිඩ් කමිටුවේ දී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති නිර්දේශ නොතකා දිගින් දිගටම පෞද්ගලික රෝහල්වලින් පී.සී.ආර්. පරීක්ෂණ අක්‍රමවත් ලෙස සිදු කිරීමෙන් කොවිඩ් ව්‍යාප්තියක් සිදුවන බව කොවිඩ් කමිටුවේදී අනාවරණය වී ඇත. අක්‍රමවත් ලෙසින් සිදුවන මෙවැනි මාෆියා නැවැත්වීමට වහාම පියවර ගත යුතු බව ජනාධිපතිවරයා කොවිඩ් කමිටුව හමුවේ අවධාරණය කර ඇත.

පෞද්ගලික රෝහල්වල ක්‍රියාකාරකම් සම්බන්ධව ඇති වූ මෙම ගැටලුවලින් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කොවිඩ් කමිටුව දුන් නියෝග මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මාර්ගෝපදේශ මාලාවක් යළි නිකුත් කළේය.

එම මාර්ගෝපදේශවලට අනුව පී.සී.ආර්. හා රැපිඩ් පරීක්ෂණ කළ යුත්තේ ප්‍රතිකාර නිශ්චය කිරීම භාර වෛද්‍ය විශේෂඥයා හෝ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශ මත පමණි.

එම නිර්දේශ මත සාම්පල ගත් පසු ප්‍රතිඵල ලැබෙනතුරු ආයතනයක හෝ නිවසේ හුදෙකලාව සිටින ලෙස රෝගියාට නියම කළ යුතුයි. ඔහු කොවිඩ් ආසාදිතයකු වී නම් වහාම වසංගත රෝග ඒකකය, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට හා රෝගියාට දැනුම් දීමේ වගකීම පෞද්ගලික රෝහලේ වගකීමක් බව මාර්ගෝපදේශ මාලාවෙන් පෙන්වා දී ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us