එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පත්කර තිබේනවා .

මින් ඉදිරියට මහා පරිමාණ ව්‍යාපෘති සඳහා විදේශීය ණය ලබා නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ (12) ප්‍රකාශ කර තිබේ.

 පසුගිය වසරේ එකසිය හය දෙනකු මරණ දණ්ඩනයට නියම වී තිබෙන බවත්, එයින් වැඩිම ප්‍රමාණයකට මරණ දණ්ඩනය නියම වී ඇත්තේ මිනී මැරුම් චෝදනා යටතේ සිටි අපරාධකරුවන්ට බවත් බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක පවසා තිබෙනවා.

විදෙස්ගතව ශ්‍රමිකයන් තවත් හැටහයදහසක් ගෙන්වීමේ වැඩපිළිවෙළ යටතේ අද (13 වැනිදා) සිට සෑම දිනකම ශ්‍රමිකයන් තුන්සිය (300) බැගින් ගුවන් යාන වලින් ගෙන්වීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ ප්‍රකාශයට එරෙහිව සමගි ජනබලවේගය අද (13 වැනිදා) දිනයේ කථානායකවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

උපාධිධාරීන්ට ආණ්ඩුවේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කම්කරු ඇතුළු සුළු සේවාවන්හි නිරත සියලු උපාධිධාරීන්ට ආණ්ඩුවේ උපාධිධාරී රැකියා ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජනවාරි 26 වැනි දිනෙන් පසු ඕනෑම මොහොතක ඉන්දියාව නිෂ්පාදනය කරන ලද ‘ඇස්කා සෙනිකා’ කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව කොවිඩ් එන්නත් ගෙනඒම සඳහා පත් කළ කමිටුවේ සභාපති ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග ප්‍රකාශ කර තිබෙනවා.

මෙරටින් වාර්තා නොවූ ,කොවිඩ් නව ප්‍රභේද ආසාදිත යැයි සැක සහිත රෝගියෙකු පළමු වරට මෙරටින් හමුවී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ හේමන්ත හේරත් ප්‍රකාශ කර තිබේ. මෙම රෝගියා එංගලන්තයේ සිට පැමිණි අයෙක් වන අතර නිශ්චිතවම නව කොවිඩ් ආසාදිතයකු දැයි තහවුරු කරගැනීමට මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ඔහු සදහන් කරන්නේ.

මෙම නව කොවිඩ් ප්‍රභේදය සම තුළින් වුවද පුද්ගලයන්ට ආසාදනය විය හැකි බවට සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබේ.

-පංචාලි අබේසේකර

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us