ඉන්ධන මිල සංශෝධනය කළ යුතුයි - මහ බැංකුව

Published in පුවත්
Tuesday, 25 May 2021 09:01

ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට සමගාමීව මෙරට ඉන්ධන මිල සංශෝධනය කළයුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර තිබෙනවා.

මහ බැංකු නිලධාරීන් සහ අගමැතිවරයා අතර පෙරේදා (23 වැනිදා) පැවතී විශේෂ සාකච්ඡාවකදී මෙම අවධාරණ කිරීම සිදුවූ බව එම සාකච්ඡාවට සහභාගීවූ මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී මහ බැංකු පාර්ශ්වය සෘජුවම ඉන්ධන මිලේ සංශෝධනයක් ඉල්ලා සිටි බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. විශේෂයෙන්ම මේ මොහොතේ ලොව ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල මිල ගණන්වලට වඩා වැඩි මිලකට දේශීය වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි වන බවද රාජ්‍ය ඇමැති කබ්රාල් පෙන්වා දී ඇත.

මෙහිදී සාකච්ඡා වූ ඉන්ධන මිල ඇතුළු ආර්ථිකයට සම්බන්ධ අනෙක් කරුණු පිළිබඳව වැඩිදුරටත් රජය සාකච්ඡා කර මහ බැංකුවේ ඉල්ලීමට පිළිතුරු ලබා දෙන බවයි ඔහු පවසා ඇත්තේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us