ETI සහ ස්වර්ණමහල් යන ආයතන වල හිටපු අධ්‍යක්ෂවරුන් 3කු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාලදිවයින, ඩුබායි සහ ඉන්දියාවේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (05) දිනයේදී මුඛ ආවරණ නොපැළඳ සිටි බස්නාහිර පළාත තුළ පමණක් පුද්ගලයින් 1060 පමණ පරීක්ෂාවට ලක්කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් -19 අසාදිත වී රෝහල්ගතව ප්‍රතිකාර ලබාමින් සිටි තවත් පුද්ගලයින් 445 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේනවා.
ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 38,262ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසන්නේ.

මහ කන්නයේ සහතික මිලක් යටතේ වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව ප්‍රමිතිගත නාඩු තෙතමනය 14% ක් සහිත වී , කිලෝග්‍රෑමයක් රුපියල් 50 ට මිලදී ගැනීමට නියමිතයි.

දිස්ත්‍රික්ක 15කට අයත් වනාන්තර 69ක් රක්ෂිත වනාන්තර බවට පත් කිරීම සදහා විෂයභාර අමාත්‍ය විමලවීර දිසානායක අද ගැසට් පත්‍රයකට අත්සන් තබා තිබෙනවා. අත්සන් තැබූ ගැසට් පත්‍රය වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු වෙත පිළිගැන්වූ බවයි වාර්තා වෙන්නේ

හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් කොවිඩ් මෘතදේහ ගැටලුව පිළිබදව තමා පිළිගන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.

දෙසැම්බර් 2වැනිදා තමා වැඩ බාරගත් දින සිට මේ වන තෙක් සිරකරුවන් සහ රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු රැඳවියන් 10,000කට ආසන්න ප්‍රමාණයක්
නිදහස් කර ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us