මානුෂීය මෙහෙයුමේ 12වන ජයග්‍රහණ සැමරුම වෙනුවෙන් යුද හමුදාවේ 4741කට උසස්වීම් !

Published in පුවත්
Tuesday, 18 May 2021 13:24

මානුෂීය මෙහෙයුමේ 12වන ජයග්‍රහණ සැමරුම වෙනුවෙන් යුද හමුදාවේ නිලධාරීන් 425 දෙනෙකුට සහ සෙසු නිලයන් 4,289 දෙනෙකුට උසස්වීම් හිමිව තිබේ.

ඒ අනුව, බ්‍රිගේඩියර් නිලයෙන් නිලධාරීන් 12 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල් නිලයෙන් නිලධාරීන් 37 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයෙන් නිලධාරීන් 39 දෙනෙකු කර්නල් නිලයට, මේජර් නිලයෙන් නිලධාරීන් 40 දෙනෙක් ලුතිතන් කර්නල් නිලයට, කපිතන් නිලයෙන් නිලධාරීන් 62 දෙනෙක් මේජර් නිලයට, ලුතිතන් නිලයෙන් නිලධාරීන් 61 දෙනෙක් කපිතන් නිලයට සහ දෙවන ලුතිතන් නිලයෙන් නිලධාරීන් 201 දෙනෙක් ලුතිතන් නිලයට උසස්කර ඇත.

එමෙන්ම, බලලත් නිලධාරි II 83 දෙනෙකු බලලත් නිලධාරි I නිලයට, මාණ්ඩලික සැරයන් 330 දෙනෙකු බලලත් නිලධාරි II නිලයට, සැරයන් 493 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයට, කෝප්‍රල් 1095 දෙනෙකු සැරයන් නිලයට, ලාන්ස් කෝප්‍රල් 1168 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 1120 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයට 2021 මැයි මස 18 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිල උසස්වීම් ලබා ඇත.

-පංචාලි අබේසේකර

Last modified on Tuesday, 18 May 2021 13:26

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us