රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කර මෙරට කෘෂිකර්මාන්තය සම්පුර්ණයෙන්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරිමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පවසයි.

බැටිකලෝ කැම්පස් ආයතනය සම්බන්ධව රජය ගැනීමට බලාපොරොත්තු වෙන තීරණය අතර විකල්ප 02 ක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරීස් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ අද පැවැත් වැඩිදුර විභාගය දී මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් යෝජිත කොමිසම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයින් ගෙන් බහුතරය ශ්‍රී ලාංකිකයින් බව ප්‍රකාශ කළේය.

සංවර්ධන කටයුතු කරනකොට විපක්ෂයේ ඇහැට කටු අනිනවා වාගේ බලන් ඉන්න බෑ. බොරු චෝදනා දාලා මේ සංවර්ධන වැඩ කටයුතු අඩාල කරන්න විපක්ෂය උත්සහ කරනවා.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නවා සේම, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියැදුරන් ද අත්අඩංගුවට ගැනීම සඳහා ද ඉදිරියේදී දීපව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ ප්‍රකශ කර තිබෙනවා.

එළැඹෙන සති 3 ඉතා අවදානම් බව යුද හමුදාපති ⁣ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය අද (22) සිව්වන දිනටත් ආරම්භ කර තිබේනවා.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාගය පැවැත්වේන බවයි වාර්තා වෙන්නේ.

වරාය නගර පනත ව්‍යස්ථා විරෝධී බවත් එම පනත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක් ඡන්දයත් ජනමත විචාරණයකුත් පැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස පාර්ශ්ව විශාල ගනනක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඊයෙ දිනයේදී පැවැති නඩුවාරයේදී , පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දෙන පරිදි කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්නි රටේ ඒකීය භාවයට හා ව්‍යවස්ථාවට පටහැනි බව බැලූ බැල්මට පෙනී යන බැවින් ඒවා සංශෝධනය කළ යුතු බව පිළිගන්නේ දැයි විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මෙහිදී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ගෙන් විමසා සිටි අතර තමන් ද ඒ බව පිළිගන්නේ යැයි ජනාධිපති නීතිඥවරයා එහිදි පිළිතුරු දුන් බව වාර්තාවේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us