එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කිරීම ඉතා සාධනීයයී. යහපාලනයෙන්වත් කළේ නෑ. - එස්. ශ්‍රීධරන්
එල්.ටී.ටී.ඊ.සැකකරුවන් දාසය දෙනකු නිදහස් කිරීම තුළින් දෙමළ ජනයාගේ ඉල්ලීම් කෙරෙහි රජය යම් අවධානයක් යොමු කරන බව පිළිබිඹු වන්නේ යැයි දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පසුගියදා (26) පැවසීය.
තර්ජනාත්මක ඉල්ලීම් කරන කිසිම රැඳවූවෙකුට පොදු සමාවන් නොදීමට තීරණය !
බන්ධානාගාර වහල මත නැග,බන්ධනාගාර දේපළවලට හානි කරමින් ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් හැසිරෙමින් තර්ජනාත්මක ඉල්ලීම් කරන කිසිම රැඳවූවෙකුට මින් ඉදිරියට පොදු සමාවන් සඳහා නිර්දේශ නොකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
එන්නත් හත්ලක්ෂයක් ලබා දී පාසැල් ආරම්භ කිරීමට සුදානමක් !
හත්ලක්ෂයක් පමණ වන කොවිඩ් එන්නත් එකොළහ, දොළහ සහ දහතුන ශ්‍රේණිවල සිසුන්ට ලබා දී පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කර ඇති බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කර තිබෙනවා.
කාබනික පොහොර භාවිතයට ගත් පියවර පසුපසට ගන්නේ නැහැ -ජනපති
නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ප්‍රකාශ කර තිබෙනවා.
එන්නත් ලබාදීම හඳුනාගත් රෝහල් මගින් සිදුකිරීම සඳහා වූ යෝජනාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.
මාධ්‍ය ක්ෂේත්‍රයේ කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසනට එරෙහිව ලිපියක් !
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන නතර කිරීම සඳහා ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටීමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
තවත් වසර 2 ක් සඳහා වාහන ආනයනය නොකෙරෙන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර තිබෙනවා.
මෙරට තුළ ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සියයට 60කින් 70කින් වැඩිවී ඇති බව විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය පවසයි. පවතින සංචරණ ලිහිල් කිරීම තුළ ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බව බව වෛද්‍යවරිය සදහන් කරයි.

