කොරෝනා වසංගතය මැඬලීමට මේ මොහොත රටේ ජාතික ආපදාවක් ලෙස සලකා ජනතාව එකාමෙන් සහයෝගය දිය යුතුව ඇති බවත්, ජනතාව නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ පවසයි.

ඉන්දියාවේ සිට බෝට්ටුවකින් පලාවිත් සැඟවී සිටි කාන්තාවන් දෙදෙනකු සහ දරුවන් දෙදෙනකු පුත්තලම, වෙප්පමඩු සහ මීගමුව, කොච්චිකඩේ, මානවේරිය යන ප්‍රදේශවලින් සොයා ගැනීමට සෞඛ්‍ය නිලධාරීන්ට හැකි වී තිබේ.

පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මැයි 03 වනදා සිට මැයි 07 වනදා දක්වා අධිකරණ කටයුතු සීමා කර තිබේන බව වාර්තා වෙනවා.

ඒ අනුව සැකකරුවන් හා චූදිතයින් අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවෙන බව අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

මෑතකදී සංචාරයේ නිරත පුද්ගලයන්ට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමට සිංගප්පුරු රජය තීරණය කර තිබේනවා. එම රටවල් අතරට ලංකාවද අයත්.

2020 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය මූර්ත වශයෙන් සියයට 3.6කින් සංකෝචනය වී ඇති බවත් ඒය නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ වාර්තා වූ විශාලතම ආර්ථික අවපාතය බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2020 වාර්ෂික වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරන අතර වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයෙහි ඇති වූ පසුබෑම හා සමගාමීව මෙම තත්ත්වයට මුහුණ පෑමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බව ඒහි සඳහන් වේ. මෙහිදී වැඩිදුරටත් මහ බැංකුව මෙසේ කියා සිටී.

හොටල්, භෝජනශාලා, රාත්‍රී සමාජ ශාලාවල සංවිධානය කරනු ලබන ප්‍රිය සම්භාෂණ, රැස්වීම් හා අනෙකුත් දෛනික උත්සව අද (01) සිට රාත්‍රී 10න් පසු පැවැත්වීම තහනම් කර තිබේ.

එම තහනම සති දෙකක් පුරා පවතින බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකශ කරන්නේ.
මේ වන විට රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

-පංචාලි අබේසේකර

ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් රටේ ජාතික ආරක්ෂාවත් ,ස්වෛරීත්වයත් තහවුරු කර ඇති බව කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සදහන් කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය ඇතුළත් රු 1000ක මිලට “සතොස සහන මල්ල - 2වන අදියර මැයි මාසයේ සිට ලබාදීමට නියමිත බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us