මෙරට කොවිඩ් 19 වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 14,394 ක් සුවය ලබා තිබේ.

ඒ අනුව කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව අද (30) 371,992ක් ලෙස යාවත්කාලීක කර තිබේ. දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 50,752 කි.

බස්නාහිර පළාතේ කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගල්යින්ට සහ නිරෝධනයට ලක්වන පුද්ගලයින් සිටින නිවෙස් වලට ආයුර්වේද ඖෂධ නොමිලේ බෙදාදීමේ වැඩසටහනක් බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් අද (30) ක්‍රියාත්මක කෙරිණි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් ආරම්භ කරන ලද මාර්ගගත (online) වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා අදට (30) දින පනහක් සපිරෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශ කර ඇත.

වසංගතය පැවතියත් අනාගත විදුලි අවශ්‍යතාව සපුරාගැනීම සඳහා සූර්ය බලාගාර හත්දහසක් රට පුරා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

7ප්‍රධාන පෙළේ ජාතික පාසල් කිහිපයක මෙම වසරේ දී විශ්‍රාම යාමට නියමිත විදුහල් ප්‍රධානීන් සඳහා වසරක සේවා දිගුවක් ලබා දෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයට බලපෑම් එල්ල වෙමින් ඇතැයි අනාවරණය වේ.

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලෝක වාර්තාවක් තබා තිබේ.

F46 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් එම නව ලෝක වාර්තාව තබා ඇති අතර ඔහුගේ නව වාර්තාව මීටර් 67.79ක් ලෙස සටහන් වෙයි.

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 124,000ක තොගයක් දිවයිනට ගෙනැවිත් තිබේ.

කොරෝනා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2000/= දීමනාව මේ වනවිට පවුල් පන්ලක්ෂ 75, 520ක් සදහා ලබා දී අවසන් බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us