පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර තිබේනවා.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව ප්‍රකාශ කර තිබේ.

-පංචාලි අබේසේකර

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද බුර්කාව ඇතුළු, අනන්‍යතාව සැඟවෙන මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

 දිවයිනේ සියළු පාසල් අප්‍රේල් 30 වෙනි දින දක්වා වසා තැබීමට අද මීට සුළු වේලාවකට පෙර කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබෙනවා.

පාසල් වැසීම හෝ ආදාළ නිර්දේශ සම්බන්ධයෙන් නිවැරදි තීරණයකට එළඹිය හැක්කේ "පාසල් සෞඛ්‍ය කමිටුව"ට බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කර තිබෙනවා.

ගතවූ පැය 24 තුළ සෞඛ්‍ය නීති රීති කඩ කළ පුද්ගලයන් 108දෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වෙනවා.

රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතා ලිඛිතව ජුනි මස 30 වනදා ඉදිරිපත් කිරීමට පියවරගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (27) ඔහුගේ නීතිඥවරුන්ට නියෝග කළේය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (27) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

 නැගෙනහිර කොළඹ මූලික රෝහලේ (මුල්ලේරියාව) ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us