රෝහල් සෞඛ්‍ය තොරතුරු ඩිජිටල්කරණයට ! ලක්ෂ අනූපහක් ලියාපදිංචියි !

Published in පුවත්
Friday, 20 October 2023 11:27

රජයේ රෝහල්වල කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් රෝගීන්ට ප්‍රශස්ත සේවාවක් ලබාදීම වෙනුවෙන් හඳුන්වා දුන් රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (Hospital Health Information Management System) මේ වන විට රෝහල් අසූවක පමණ සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ.

මෙම පද්ධතිය ඔස්සේ රෝගීන් මිලියන නමයහමාරකට අධික පිරිසක් ලියාපදිංචි වී සිටින අතර රෝගීන්ගේ ඉලෙක්ට්‍රොනික වෛද්‍ය වාර්තා මිලියන ‍විසිතුනක් පවත්වාගෙන යනු ලබන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)පවසයි.

මෙම පද්ධතිය මඟින් රෝගීන් ලියාපදිංචි කිරීම, පරීක්ෂා කිරීම, ඖෂධ ඇනවුම් කිරීම, රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ ආදී සේවාවන් රැසක් බල ගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙමගින් රෝහල වෙත රෝගියෙකු පැමිණීමෙන් පසු මෙම පද්ධතිය ඔස්සේ රෝගියා ලියාපදිංචි කෙරෙන අතර ඔහුට ම අනන්‍ය අංකයක් සහ කේතයක් (Barcode) හිමිවේ. රෝග විස්තර, ලබාගත් ප්‍රතිකාර, අදාළ සෞඛ්‍ය වාර්තා, නියම කරන ලද ඖෂධ ඇතුළු සියලු විස්තර ඊට අයත් වේ. නැවත වරක් එම පුද්ගලයා රෝහල වෙත පැමිණි විට පහසුවෙන් ප්‍රතිකාර ලබා දීමට ද මේ හරහා හැකි වේ. තවද රෝහලක සිට තවත් රෝහලකට රෝගියෙක් මාරු කර යැවීමේදී එම රෝගියාට අදාළ සියලු විස්තර ද මෙම පද්ධතිය හරහා එම රෝහල වෙත ලබා දීමේ පහසුකමද ඉදිරියේදී ලබා දීමට නියමිතව තිබේ.

මෙම පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ විශේෂයෙන් ම රෝහල් පද්ධතිය පවත්වාගෙන යෑමේ මෙහෙයුම් පිරිවැය අවම කර ගැනීමත් බාහිර රෝගීන් කළමනාකරණය, නේවාසික රෝගීන් කළමනාකරණය, ඖෂධ තොග කළමනාකරණය, සායන කළමනාකරණය මෙන් ම රෝගීන්ගේ සෞඛ්‍ය දත්ත වාර්තා පවත්වාගෙන යෑමද පහසු බවත් කඩදාසි මත පදනම්ව පවත්වාගෙන ගිය සෞඛ්‍ය වාර්තා මෙම පද්ධතිය හරහා ක්‍රියාත්මක වීමෙන් කඩදාසි භාවිතය අවම වීම නිසා පරිසර හිතකාමී සෞඛ්‍ය සේවාවකට මග පෑදන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)පවසයි.

රජය මඟින් ජනතාවට ලබා දෙන සේවාවන් මෙසේ ඩිජිටල්කරණය කිරීමෙන් ඩිජිටල් ශ්‍රී ලංකාවක් කරා යන ගමන්මඟ තවත් අර්ථවත් කිරීමට හැකිවී තිබෙන බවයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරන්නේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us