එක්සත් ජාතික පක්ෂයේ එළඹෙන සංවත්සරයේ දී පක්ෂ මහ ලේකම් ධුරයේ වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක එම ධුරයට පත් කර ගැනීම සඳහා මේ වන විට පක්ෂයේ ප්‍රබලයින් අතර එකඟතාවක් පළ වී ඇති බවද සඳහන්ය.

පක්ෂය පෙර පැවැති ශක්තිමත් තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව පවතින එකම පුද්ගලයා රවී කරුණානායක බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අතර මතයක් පැවතීම ඊට හේතුව වී තිබේ.

කෙසේවෙතත් පක්ෂයේ සුළු පිරිසක් පමණක් මොහු පක්ෂ මහ ලේකම් ධුරයට පත්කර ගැනීමට පවතින සුදානම සම්බන්ධයෙන් සිය අකැමැත්ත පළ කර ඇති බවද සඳහන්ය.

ඊට හේතුව වී ඇත්තේ යම් හෙයකින් රවී කරුණානායක එම ධුරයට පත් වුවහොත් ඔහු පක්ෂ නායකත්වය සමඟ සමීපව කටයුතු කරනු ඇති බවට ඔවුන් තුළ මතයක් පැවතීම බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ‍ය.

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයේ දී තවත් වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවද පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මෙරට රන් මිලේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම්කරයි.

ඒ අනුව අද (09) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක් රු 2000කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රු. 155,400 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගිය බදාදා දින එය දැක්වුණේ රු. 152,200ක් ලෙසය.

මේ අතර ගිය සතියේ බදාදා වනවිට රු. 164,500ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 168,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

බටහිර ඇෆ්ගනිස්තානයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2,445 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ලබන වසරේ ජනවාරි මාසයේ සිට සියලු පෞද්ගලික බස් රථ දුම් පරීක්ෂාව සිදුකිරීමෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ පවසයි.

ඉන්දීය නාවික සංස්ථාව විසින් පවත්වාගෙන යන ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර යාත්‍රා සේවය ඔක්තෝබර් 10දා ආරම්භ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී අද (09) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

මඩකලපුවේ පැවති වැඩසටහන් කිහිපයකට ඊයේ සහ අද දින සහභාගී වූ ජනාධිපතිවරයා මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලය අසල ප්‍රදර්ශනය කර තිබූ විශාල
කටවුට් එක ඊයේ රාත්‍රියේ දුටු අවස්ථාවේම එය ඉවත් කරන ලෙස අදාළ පාර්ශ්වලය දැනුම් දී ඇත. ඒ අනුව මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙසත් ජනපති උපදෙසක් නිකුත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එම නිවේදනය,

මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

එසේම සෑම පෝස්ටරයකම තම ඡායාරූපය ප්‍රදර්ශනය කර ගැනීමෙන් වළකින ලෙස
ජනාධිපතිවරයා අනෙකුත් දේශපාලන නායකයින්ගෙන්ද ඉල්ලා සිටියේය.

අද අවශ්‍යව ඇත්තේ ජනතා අවශ්‍යතා ඉටු කිරීම මිස සටන් පාඨ දේශපාලනය නොවන බව
අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටවුට් සහ සටන් පාඨ දේශපාලනය
රට අගාධයට ඇඳ දැමු බව ද සඳහන් කළේය.

එසේම තමා සැමදා සටන් පාඨ සහ කටවුට් දේශපාලනයට විරුද්ධ බව සිහිපත් කළ
ජනාධිපතිවරයා අලුතින් සිතා අලුත් දේශපාලන ගමනක් වෙනුවෙන් සියලුදෙනා
එක්විය යුතු බව අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මඩකලපුව චෙන්කලඩි
මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට අද (08) පෙරවරුවේ එක්වෙමිනි.

මඩකලපුවේ පැවති වැඩසටහන් කිහිපයකට ඊයේ සහ අද දින සහභාගී වූ ජනාධිපතිවරයා
මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලය අසල ප්‍රදර්ශනය කර තිබූ විශාල
කටවුට් එක ඊයේ රාත්‍රියේ දුටු අවස්ථාවේම එය ඉවත් කරන ලෙස අදාළ පාර්ශ්ව
දැනුවත් කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-10-08

ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ග ඔස්සේ වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් රටට ප්‍රේෂණය කරමින් සිටින බව වාර්ථා වේ. ඒ අනුව මේ වසරේ මුල් මාස නවය තුළ විදේශ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.35 දක්වා සියයට 68.8 කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us