රාජ්‍ය සේවකයන්ට රු. 20,000 ක වැටුප් වැඩි වීමක් අවශ්‍යයි - වෘත්තීය සමිති

Published in පුවත්
Thursday, 26 October 2023 09:04

මෙවර අය වැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් අවශ්‍ය බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ඒ බව එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ ඊයේ කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක් වෙමින් ප්‍රකාශ කළා.

මේ අතර ගුරු විරෝධතාවට එල්ල වූ ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරය හෙලා දකිමින් එහිදී ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ අදහස් දක්වමින් කියා සිටියා.

එමෙන්ම එහිදී සමස්ත ලංකා රාජ්‍ය කළමානාකර සහාකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදේණි දිසානායක පැවසුවේ ජීවන වියදමට සරිලන වැටුප් වැඩි විමක් අවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, වැටුප් වැඩි වීමක් සිදු නොවන්නේ නම් ඉදිරියේ දී සියලු වෘත්තිය සමිති එක්ව දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කරන බව එහිදී දුම්රිය වෘත්තීය සමිති සංධානයේ සම කැඳවුම්කරු ඩී එම් පී අබේරත්න කියා සිටියා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us