ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබේ.

එරාවුර් නගරයේ දී සංචරණ සීමා නොතැකූ පිරිසක් නගරය මැද දණගැස්වීමේ සිද්ධියට සම්බන්ධ වූ යුද හමුදා සෙබළුන් සම්බන්ධව යුද හමුදා පාලිස් කණ්ඩායමක් පිටත්කර විමර්ශනයක් ආරම්භ කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පියවර ගෙන තිබෙනවා.

හෙට (21) දින රට විවෘත වන්නේ සීමාවන්ට යටත්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

දුම්රිය ධාවනය යළි ලබන 21 වනදා සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවේ සංචරණ සීමා ඉවත් කිරීමත් සමග දුම්රියන් යළි ධාවනයට යොදවන බවයි.

කෙසේ වෙතත් පළාත් අතර සංචරණ සීමා පවතින හෙයින් මීට පෙර පළාත් අතර ක්‍රියාත්මක වූ ආකාරයට මෙවර ද දුම්රිය ධාවනය කටයුතු සිදුකෙරෙන බව ගාමිණී සෙනෙවිරත්න මහතා සදහන් කර සිටියේ.

-පංචාලි අබේසේකර

අතරමග නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරමින් ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීමට පළාත් පාලන ආයතන, මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සාමූහික තීන්දුවකට එළැඹෙන ලෙස අද (18) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් දී තිබෙනවා.

මියගිය අයගේ පවුල්වල සමීපතමයින් මුහුණදෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන කොවිඩ් නොවන හේතූන් මත මියයන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදුකිරීමට අනුමැතිය දීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

ඊයේ දිනය තුළ මෙරට පුද්ගලයින් 57,375 දෙනෙකු සඳහා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලබාදී තිබේ.

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දේශීය අයුර්වේද රෝහල් 28ක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us