එන්නත් ලබාදීම හඳුනාගත් රෝහල් මගින් සිදුකිරීම සඳහා වූ යෝජනාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන නතර කිරීම සඳහා ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටීමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

තවත් වසර 2 ක් සඳහා වාහන ආනයනය නොකෙරෙන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර තිබෙනවා.

මෙරට තුළ ‌ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සියයට 60කින් 70කින් වැඩිවී ඇති බව විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය පවසයි. පවතින සංචරණ ලිහිල් කිරීම තුළ ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බව බව වෛද්‍යවරිය සදහන් කරයි.

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් රජය ගෙන තිබෙන තීරණයක් සමඟ අවම 40%කින් පමණ කෘෂි නිෂ්පාදන පහත වැටෙන තත්ත්වයක් මතුව ඇති බවත් එවැන්නක් සිදුවුවහොත් රටේ ආහාර සුරක්ෂිතතාවය බරපතළ ලෙස බිඳ වැටිය හැකි හෙයින් එය රට පුරා ලේ හැලෙන විරෝධතාවයක්ද විය හැකි නිසා නිසා මෙම කාරණයට අදාළව සාමාන්‍ය පොදු ජනතාවගේ ජීවිත සමග සූදු නොකෙළින ලෙස සාධාරණය සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය රජයෙන් සිටියි.

සියලුම ජාතික පාසල් වල ගුරු භවතුන් වෙත රටෙහි පවතින කොවිඩ් – 19 වාතාවරණය හමුවේ පාසල් වසා පවතින මෙම කාල සීමාව තුළ, තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුක්ත ලබා එම අනුයුක්ත කාල සීමාවන් අවසන් කළ ගුරුභවතුන් නැවත පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ සේවයට වාර්තා කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ තවදුරටත් එකී අනුයුක්ත සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම්, පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිගේ නිර්දේශ සහිතව නැවත ඉල්ලීමක් අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථාන මාරු) වෙත ඉදිරිපත් කළ යුතු බවයි.

එම නිවේදනය පහතින්….

school

කාබනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මිනීමැරුමකට වැරදිකරුවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය හෙළා දැක තිබේනවා .

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us