ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත්ව නොසිටි බව වාර්තා වේ.

අද (06) සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ පිළිබදව වහා සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නව අතුරු කමිටුවට පත්කළ සාමාජිකයින් පිළිබඳවද ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති බවත් , මේ පිළිබඳව විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවත් එය මේ දක්වා සාර්ථක වී නොමැති බවද වාර්තා වේ.

 

-P.M

එක්සත් ජාතීන්ගේ සංවිධානවල සියලුම ප්‍රධානීන්, ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායලයට දන්වා ඇත්තේ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වා මානුෂීය සටන් විරාමකට යන ලෙසය.

ශ්‍රී ලංකා ක්‍රකට් සඳහා අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ව්සින් නිවේදනයක් නිකුත් කරයි. ක්‍රීඩා පනතට අනුව අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි මෙම පත්කිරීම සිදුකර ඇති බවයි සඳහන්වන්නේ.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවත් ලාෆ්ස් ගෑස් සමාගම මේ මාසයේ දීත් පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කිරීමට තීරණය කළ බව වාර්තා වේ.

මෙවර මහ කන්නය සඳහා පොහොර ලබා ගැනීමට අවශ්‍ය මුදල් ගොවීන් වෙත ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විදුලි බිල ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් ගත වූ මාස 10 තුළ විදුලි පාරිභෝගිකයින් හත්ලක්ෂ අසු අටදහස් දෙසිය තිස්පස් දෙනෙකුගේ විදුලි සැපයුම අත්හිටුවා තිබේ.

රටේ සංවර්ධන කටයුතුවලට අදාළව ලබාදෙන උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (04) පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.

ඉමියුනෝග්ලොබියුලින් එන්නත් කුප්පි නිෂ්පාදනය කිරීම සඳහා රුධිරය ලබාගෙන ඇත්තේ ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බවට තොරතුරු අනාවරණය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අද (5) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කර ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us