ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සම්පාදිත “චිත්‍රසිරි කමිටු වාර්තාව” බාරදෙයි
පාර්ලිමේන්තු පනතක් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින්, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා වෙත අද (08) නිල වශයෙන් බාර දෙන ලදී.
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
විධායක ජනාධිපති ක්‍රමය නොපමාව අහෝසි කළ යුතුයි - කරු ජයසූරිය
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා නොපමාවම පියවර ගැනීමට පෙරට එන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන හිටපු කතානායක කරු ජයසූරිය අවධාරණය කරයි.
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග තුළ ඩිජිටල් පරිවර්තනයට අනුවර්තනය වී අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමට කැපවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කලේය.
ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා වන විභාගය දෙසැම්බර් මුල් සතියේ පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැවසීය.
කොළඹ වරායේ සංවර්ධනයට අමෙරිකාවෙන් විශාල ආයෝජනයක් !
ඇමරිකානු ඩොලර් මිලියන 500කට අධික ආයෝජනයකින් කොළඹ වරායේ ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

