පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය නිසා පාර්ලිමේන්තුව අද (08 වැනිදා) දිනයේ පැය 4ක කාලයක් රැස්වීමට තීරණය කර තිබෙනවා. රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල දින දෙකක විවාදයක් ඉල්ලා ඇතත් ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ සඳහා අද (08 වැනිදා) දිනයේ පැය හතරක කාලයක් ලබා දීමට එකඟ වී ඇත්තේ.

කොවිඩ් අවදානම මැද සේවයට වාර්තා කළ සෞඛ්‍ය අංශයේ ගර්භණී නිලධාරිනියන්ට නිවාඩු ලබා ගැනීමට පැවැති බාධකය නව චක්‍රලේඛයක් මගින් ඉවත් කර තිබේනවා.

සංචරණ සීමා කාලය තුල අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු වෙනුවෙන් යෙදවෙන වාහන පහසුවෙන් හඳුනා ගැනීමටත්, රථ වාහන තදබදය, ප්‍රමාදයන් වලක්වා ගැනීමත් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය නව ක්‍රමවේදක් හඳුන්වා දී තිබේ. මෙම ක්‍රමවේදය අද (07) සිට ක්‍රියාත්මක වේ.

ජල බිල්පත් ගෙවීම සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකාවේ කැලිෆෝනියා රෝහල් සේවා උපකාර පදනමෙන් (Hospital Services Support Foundation (HSSF) කොළඹ මහ රෝහලේ රෝහල් සේවා මණ්ඩලයට පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් හයක් සඳහා ප්‍රදානය කිරීමේ අවස්ථාව සමග ඊයේ දින (06) අගරමත්ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

සංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් මාර්ගවල ගමන් කරන්නන් පිළිබඳව නව ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට පොලීසිය කටයුතු කරමින් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණී මව්වරුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම මෙම බදාදා (09 වැනිදා) ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්ගේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳ නවතම පර්යේෂණ කටයුතු මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භ කර ඇත.

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us