දරුවන් පාලනය කරන්න බැරි නම් පොලිස් සහාය ලබා ගන්න - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Published in පුවත්
Monday, 04 December 2023 09:53

දරුවන් පාලනය කිරීමට නොහැකි අවස්ථාවකදි පොලිසියේ සහය ලබා ගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා එලෙස සදහන් කරමින් කියා සිටියේ දරුවන් පාලනය කිරීම සඳහා දැඩි ක්‍රමවේද අනුගමනය කිරීමෙන් වින්දිතයෙකු බවට පත්වීමට ඉඩ ඇති බවයි.

කල්මුණේ ප්‍රදේශයේ පරිවාස ළමා නිවාසක සිටි 17 හැවිරිදි දරුවෙකු මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාලිකාව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකාරිය ඊයේ පස්වරුවේ කල්මුණේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර , මිය ගිය 17 හැවිරිදි දරුවාට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ඥාතීන් කොකුවිල් පොලිසිය ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය.

ඒ, දරුවාගේ දේහයද පොලිසිය ඉදිරිපිටට රැගෙන එමින් ය.

කල්මුණේ ඉස්ලාමාබාද්හි පිහිටි පරිවාස දෙපාර්තමේන්තු ළමාරක්ෂක නිවාසයේ රඳවා සිටි මෙම දරුවා නොවැම්බර් 30 වනදා අලුයම් කාලයේ සිහිසුන්ව කාමරයක වැටී සිටින බවට කල්මුණේ පොලිසියට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව පොලිස් නිලධාරින් වහාම එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී දරුවා මිය ගොස් ඇතැයි තහවුරුවී තිබුණි.

දරුවාගේ ඥාතීන් මරණය පිළිබඳ සැක පළකළේ මියගිය දරුවාගේ සිරුරෙහි වූ තුවාල කිහිපයක් නිරීක්ෂණය වීම හේතුවෙනි.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරියාවරයාගේ නිගමනය වූයේ මොට ආයුධයකින් පහරදිම නිසා දරුවාගේ සිරුරේ තුවාල හටගෙන තිබූ අතර අභ්‍යන්තර තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බවය.

ඒ අනුව මනුෂ්‍ය ඝාතනයකට අදාළව ළමාරක්ෂක නිවාසයේ ප්‍රධාන පාලිකාව ඊයේ කල්මුණේ පොලිස් ස්ථානයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැණුනි.

ඇය ත්‍රිකුණාමලයේ පදිංචි කාන්තාවකි.

ඝාතනය ලක්වූ ඒ.ටී දර්ශන නැමැති 14 හැවිරිදි දරුවා මඩකලපුව ප්‍රදේශයේ කෝවිලක භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොවැම්බර් 16 වැනිදා අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පරිවාස භාරයට පත්කර තිබුණි.

ඔහු පසුගිය දින කිහිපය පුරා මුරණ්ඩු ආකාරයට හැසිරී ඇති නිසා එය නතර කිරීමට තමන් පහරදුන් බව පාලිකාව පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us