කළමනාකරණ සේවා තනතුරු ගැන තීරණයක්

Published in පුවත්
Monday, 04 December 2023 11:00

2021 වසරේ පවත්වන ලද කළමනාකරණ සේවා තනතුරට බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල මත මේ වනවිට බඳවා ගැනීම් සිදුකර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ අද (04) පාර්ලිමේන්තුවේ දී සංජීව එදිමාන්න මන්ත්‍රීවරයා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමිනි.

එම විභාගයේ ප්‍රතිඵල මත පළමු අදියර ලෙස කළමනාකරණ සේවා තනතුරට නිලධාරීන් 660ක්, දෙවැනි අදියර යටතේ නිලධාරීන් 276ක් හා තෙවැනි අදියර යටතේ නිලධාරින් 448ක් ලෙස සමස්ත වශයෙන් නිලධාරීන් 1,384ක් බඳවා ගෙන ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එම සියලු බඳවා ගැනීම් 2023 වසරේ දී සිදුකර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා මේ වනවිට මතුව ඇති විශාලම ගැටලුව එම නිලධාරීන් පිරිස ස්ථානගත කිරීම බව ද කියා සිටියේය.

නිලධාරීන් ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීමට මේ වනවිට කමිටුවක් පත්කර ඇති බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා අද දිනයේ දී අමාත්‍යාංශ නිලධාරීන් හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us