එන්නත් ජාවාරමේ තොරතුරු එළියට !

Published in පුවත්
Sunday, 05 November 2023 19:32

ඉමියුනෝග්ලොබියුලින් එන්නත් කුප්පි නිෂ්පාදනය කිරීම සඳහා රුධිරය ලබාගෙන ඇත්තේ ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බවට තොරතුරු අනාවරණය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අද (5) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කර ඇත.

පසුගිය සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ ඖෂධය එන්නත් සිද්ධිය කතිකාවතකට ලක්වන්නේ එම එන්නත දීමෙන් පසුව රෝගීන් විවිධ සංකූලතා වලට ලක් වීම දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල් වලින් වාර්තා විමත් සමගය.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙන්ම ඖෂධ නියාමන අධිකාරියට ද චෝදනා එල්ල වන පසුබිමක, එම ඖෂධ ආනයනය කළ සමාගමේ හිමිකරු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබිය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් ප්‍රකාශ කළේ , අදාළ ඖෂධ තොගය ඉන්දියාවෙන් ආනයනය කළ බව පැවසුවද, ඒවා මෙරට නිෂ්පාදනය කර ඇති බවටයි.

කෙසේවෙතත් අද දින මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කළේ, අදාළ රුධිරය ලබාගෙන ඇත්තේ අධ්‍යයන පර්යේෂණයක් සිදුකිරීමට අවශ්‍ය බවට ලබාගත් අනුමැතියකින් බවය.

'' අපට වාර්තා වෙනවා මේ ව්‍යාපාරිකයා දැන් ප්‍රකාශ කරනවලු මේ ඉමියුනෝග්ලොබියුලින් හොර එන්නත හදන්න පාවිච්චි කරේ ජාතික රුධිර මධ්‍යස්ථානයේ රුධිරය යොදාගෙන බව, ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් ඔහු රුධිරය අරන් තියෙනව, හැබැයි ඔහු අරගෙන තියෙන්නේ පර්යේෂණයකට කියලා. ඒ පර්යේෂණය සඳහා රුධිරය දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයාගේ අනුමැතියක් අරන් තියෙනවා, හැබැයි ඒ පර්යේෂණ සඳහා රුධිරය ලීටර් දීලා තියෙන්නේ 150ක් වගේ ප්‍රමාණයක්. රුධිරය ලීටර් 150ක් අරගෙන වයල් 3800 ක් සපයන්න පුළුවන් කියන්නේ, මං හිතන්නේ ව්‍යාපාරිකයා එහෙම කරානම්, ඒ ව්‍යාපාරිකයාට නොබෙල් ත්‍යාගයක් ලබාදෙන්න වටිනවා. මේ ගත්ත රුධිරය කෙසේ හෝ කලවම් කර තියෙනවා නම්, මේ ලබාදීපු ඖෂධය සඳහා එතනින් අපට තව ගැටලු ගණනාවක් එනවා, මොකද මේ රුධිරය සියයට සියයක් අපිට තහවුරු කරන්න බෑ රෝග සියල්ලෙන් තොරයි කියලා”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‍වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව සදහන් කරමින් කියා සිටියේ ,ඉමියුනෝග්ලොබියුලින් එන්නත් කුප්පි නිෂ්පාදනයේ දී සිදුව ඇති වංචාව පිළිබඳව සිදුවන පරීක්ෂණ ප්‍රමාද වීම ගැටලු සහගත බවයි.

” මෙම ඖෂධය සම්බන්ධයෙන් අධිකරණමය කටයුතු වලදී හෙළි වූ වැදගත්ම දේ තමයි මෙම ඉමියුනෝග්ලොබියුලින් වංචාවේ එක් සැකකරුවකු පැහැදිලි ප්‍රකාශයක් කරනවා තමන් මේ ගනුදෙනුවට සම්බන්ධ වන්නේ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා, වර්තමාන සෞඛ්‍යය ලේකම්වරයා හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් භාවයෙන් සහ උපදෙස් මත කියලා. අපට තවමත් දැනගන්න ලැබිලා නෑ පාර්ලිමේන්තුවේ කතානායකවරයා දැනුවත් කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ප්‍රශ්න සහගත ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් ලබා ගත්ත බවක්. අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් අනුගමනය කරන දියාරු ප්‍රතිපත්තිය අතිශයින්ම සැක සහිතයි”

මේ අතර පසුගිය කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිදුව ඇති වංචා දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාට තම සහයෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කර ඇති බවත් වාර්තාවේ.

 

-RS

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us