දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව සත්වෝද්‍යාන ආරංචි මාර්ග පවසයි. 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද, සත්වෝද්‍යානයේ සිංහ දූපතේ විසූ තෝර් (ථොර්) නමැති සිංහයාට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව සඳහන් කරයි.

සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේනවා.

සමස්තයක් ලෙස දිවයිනෙන්ම කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීමේ අඩුවක් පවතින බව කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර ඇත. ඇය සඳහන් කළේ සංචරණ සීමා පැනවීමත් සමග මෙලෙස කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන බවය.

යුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ ආරම්භ කර තිබේ.

කිරිපිටි ආනයනික සමාගම් විසින් ආනයනික කිරිපිටි මිල වැඩි කරන ලෙස පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේනවා.

තොග වෙළෙඳාම සඳහා දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන අද (17) සහ හෙට (18) යන දෙදින තුළ විවෘත කර තැබීමට පියවර ගෙන ඇත.

ගෑස් සිලින්ඩර් සඟවා තබාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන ති‌බේ නම් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියට දැනුම් ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔන්ලයින් ක්‍රමය මගින් මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us