ලක් විජය තුන ආපහු වැඩ

Published in පුවත්
Tuesday, 12 December 2023 10:06

ලක්විජය බලාගාරයේ අක්‍රිය වී පැවති තුන්වන ජනන යන්ත්‍රය ඊයේ(11) සවස වන විට ක්‍රියාත්මක කිරීමට හැකිවු බව වාර්තාවේ.

එම යන්ත්‍රයෙන් මේ වන විට ජාතික පද්ධතියට මෙගාවෝට් 300 ක් නිකුත් කිරීම ආරම්භ කර ඇති බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජීනේරු නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී (ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය) නොයෙල් ප්‍රියන්ත පවසයි.


නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ තුන් වන ජනන යන්ත්‍රය සම්පුර්ණ නඩත්තු කටයුත්තක් සදහා මෙම වසරේ ජුලී මාසය විදුලි නිෂ්පාදනය නවතා තිබු අතර එහි නඩත්තු කටයුතු අවසන් වීමේන් පසුව මෙසේ යලි ක්‍රියාත්මක කර ජාතික පද්ධතියට විදුලිය නිෂ්පාදන ආරම්භ කළ බව මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසයි.


ඒ සමගම මේ වන විට දෙවන ජනන යන්ත්‍රයද නඩත්තු කටයුතු සදහා යොදවා ඇති බවත් ලක්විජය බලාගාරයේ විදුලිය නිෂ්පාදන කරමින් තිබු පළමු ජනන යන්ත්‍රය පසුගිය 9 දින රාත්‍රියේ හදිසියේ රටවටා ඇතිවු විදුල බිද වැටිමත් සමග එකවර අක්‍රියව ගිය බවත් විදුලි බල මණ්ඩල නිලධාරීන් පවසයි.


ලක්විජය බලාගාරයෙන් ජාතික පද්ධතියට විදුලිය ලබා දීම සම්පුර්ණයෙන් 9 දින රාත්‍රිය වන විට නැවති ගොස් තිබුණි. නමුත් නඩත්තු අවසන්ව පැවති තුන්වන ජනන යන්ත්‍රය යලි ක්‍රියාත්මක කරමින් නැවත ලක්විජය බලාගාරයෙන් ජාතික පද්ධතියට තම දායකත්වය මෙගාවෝට් 300 ක් ලබා දීමට දින දෙකකට පසු හැකිවු බව බලාගාර නිලධාරීන් පවසති.


මාධ්‍ය ප්‍රකාශක ඉංජීනේරු නොයෙල් ප්‍රියන්ත වැඩි දුරටත් පවසා සිටියේ මේ වන විට ජලාශ ආශ්‍රීත බලාගාරවලට අවශ්‍ය ජල මට්ටම ප්‍රමාණවත් අයුරින් පැවතින බවත්, මේ වන විට ජල විදුලි බලාගාර වලින් සියයට 60 ක ධාරීතාවක විදුලිය නිෂ්පාදන සිදුවන බවත් ඒ සමග සුළං හා අනුකුත් විදුලි උත්පාද මගින් හා ලක්විජය බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයෙන් මෙගාවෝට් 300ක් සැපයිම හේතුවෙන් රටේ විදුලි අවශ්‍යතාවය සැපිරිමට හැකියාව ලැබෙනු ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us