දැනට තහවුරු කර ඇති පරිදි මීළඟ පෙට්රල් නැව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ලබන මස 22වැනිදා බව අනාවරණය වේ.

දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින ආජන්ටිනාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ අමෙරිකා ඩොලර් බිලියන 4.01ක් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා වාර්තා කර තිබිණි. අඛණ්ඩව කාර්ය සාධන නිර්ණායක සපුරා ඇති බැවින් ආජන්ටිනාවට සහාය දැක්වීමට පියවර ගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබේ.

අද පැවති G7 සමුළුවේදී එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා අතිරේක ආධාර වශයෙන් ඩොලර් මිලියන 20ක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය අංශයේ අතිරික්ත සේවකයින්ට පෞද්ගලික අංශයේ, විශේෂයෙන් අපනයන හා අපනයනය ඉලක්ක කරගත් කෘෂිකාර්මික අංශවල සේවය කිරීමට අවසර දීම සඳහා නිර්දේශ ලබා දීම සඳහා අමාත්‍යාංශය කමිටුවක් පත් කර ඇති බව දැනගැනීමට ඇත.

මෙරට ඉන්ධන සැපයුම සිදුකරන සමාගම් වෙත ගෙවීමට තිබෙන මුදල් ගෙවීම සඳහා යම් සැලැසුමක් සකස් කර එම ගැටලුව විසැදීමට මහ බැංකු අධිපතිවරයා අද ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී එකඟවී ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා තාක්ෂණික සහාය ලබා දිමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බවත් මෙරටට පැමිණ සිටින ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ පැවැති සාකච්ඡා වලදී පවසා තිබේ.

ඉන්ධන ලබාදීමේ දී ටෝකන් ලබාදීමේ ක්‍රම වේදයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මගින් උතුරු පළා‌තේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව වෙත සිදු කරනු ලබන සේවාවන් තවදුරටත් විධිමත්ව සිදු කිරීම අරමුණු කර ගනිමින් සංවිධාන කර ඇති වැඩ සටහන් කිහිපයනට සහභාගි වීම සදහා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් පසුගියදා යාපනයට පැමිණියේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us