අතීතයේදී ප්‍රචණ්ඩකාරී දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූ දේශපාලන කණ්ඩායම් යළිත් වරක් එවැනි ක්‍රියාකාරකම්වල නිරත නොවනු ඇති බවට විශ්වාස කළ නොහැකි බව හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු පවසයි.

විවිධ හේතුන් මත පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළි ගොඩනැංවීමට රජය තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමේ තෙවැනි වැනි වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 335 නිදහස් කිරීමට එම අරමුදල තීරණය කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මුල්‍ය විනය සහ කැප වීම මතය යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විශේෂ "Twitter" පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

රුසියානූ සන්නද්ධ හමුදාවල සේවය සඳහා තවදුරටත් ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනිම අත්හිටුවීමට රුසියාව සිය එකඟතාව පළකර තිබේ.

වැඩිහිටි දීමනාව ලබා දීමට රජය නිකුත් කළ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් වැඩිහිටියන්ට නොදී වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

G 7 රාජ්‍ය නායකයින්ගේ සමුළුව අද (13) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

වැලිඔය ප්‍රදේශයේ නිවසකදී කුකුල් චමින්ද නමැති පුද්ගලයා දැරියකට පහරදෙන අවස්ථාව, කුකුල් චමින්ද ගේ තර්ජන හමුවේ වීඩියෝ කළ තරුණයාට ඊයේ (12) විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනමා තිබෙනවා.

පොසොන් උත්සවයට මිහින්තලා පුදබිම සූදානම් වෙමින් පවතින අවස්ථාවක මිහින්තලා ප‍්‍රදේශයට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාට නියම කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us