රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.
මාවනැල්ල නගරයේ වෙළෙඳසැල් පෙළක ඊයේ (29)රාත්‍රියේ හදිසියේ ඇති වූ ගින්නකින් වෙළෙඳසැල් 30 කට ආසන්න ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිටින ලාංකීය ධීවරයින් මුදා ගැනීමට සාකච්ඡා
මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිටින ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ ධීවරයින් ආරක්ෂිතව මුදා ගැනීම සඳහා සෝමාලියානු නාවික හමුදාව සමග සාකච්ඡා කරමින් ඇතැයි කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට සඳහා පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.
විදුලි ගාස්තු අඩු කළ හැකි virtual LNG නල මාර්ගයක් ඉන්දියාවෙන්
මෙරට විදුලි ගාස්තු අඩු කර ගැනීමේ තවත් ක්‍රමවේදයක් වෙනුවෙන් 'අතථ්‍ය ද්‍රව ස්වභාවික වායු' (virtual LNG) නල මාර්ගයක් ඉන්දියාවේ කොචි සිට කොළඹ දක්වා පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.
සංචාරක ව්‍යාපාරයට නව අත්දැකීම් රැසක් එක් කිරීම වෙනුවෙන් නව යෝජනා රැසක් සමඟ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන් හමුවී තිබේ.
අඩු ආදායම්ලාභීන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් චීන රජයේ ආධාර මත ඉදිකිරීමට නියමිත නිවාස 1,996 යේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ලබන පෙබරවාරි මාසය වන විට ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන රට බවට රුසියාව පත්වනු ඇති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S Dzhagaryan පවසයි.