අක්කර ලක්ෂයක රබර් වගා කිරීමට සැලසුමක්

Published in පුවත්
Thursday, 01 August 2024 12:54

වියළි කළාපයට අයත් මොණරාගල, අම්පාර හා බදුල්ල වැනි ප්‍රදේශ වල අක්කර 100,000ක රබර් වගා කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

ශ්‍රී ලංකාවේ දැනට වාර්ෂික ස්වාභාවික රබර් නිෂ්පාදනය සියයට 60කින් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ඉදිරි වර්ෂ කිහිපයේ රබර් වගා මහ සැලැස්ම ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

තාක්ෂණික පිරිවිතර රබර් කර්මාන්තයේ (Technically Specified Rubber – TSR) නිෂ්පාදන කටයුතු කරන කර්මාන්තකරුවන් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. දැනට TSR රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා 10ක් ඇති අතර ඔවුන් විසින් තම නිෂ්පාදන සඳහා යොදාගන්නා TSR රබර් සඳහා යොදා ගනු ලබන්නේ රබර් කිරි කැපීමේ දී බැහැර කරනු ලබන ඔට්ටපාලුය ( Tree laces) .

නමුත් දැනට තම නිෂ්පාදන ධාරිතාවයෙන් සියයට 30ක් පමණ ප්‍රයෝජනයට ගන්නා බවත් ඔට්ටපාලු හිඟය ඊට බලපා ඇති බවත් කර්මාන්තකරුවෝ පැවසූහ.

- අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us