2024 වර්ෂයේ ‌පළමු මාස හතර තුළ වැවිලි බෝග අපනයන ආදායම ඩො. මි. 1118ක්

Published in පුවත්
Tuesday, 30 July 2024 10:47

තේ, රබර්, පොල්, කුරුඳු හා ගම්මිරිස් යන වැවිලි බෝග පහ අපනයනය මගින් 2024 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 1118.06ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

2023 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ මෙම වැවිලි බෝගවලින් උපයන ලද අපනයන ආදායම ඩොලර් මිලියන 884.6ක්.

ඒ අනුව පසුගිය වර්ෂයේ පළමු මාස හතර තුළ අපනයන ආදායමට වඩා ඩොලර් මිලියන 234ක ආදායමක් මෙම වර්ෂයේ පළමු මාස හතර තුළ දී ඉපැයීමට හැකි වී තිබේ.

ශ්‍රී ලංකාවේ වැවිලි අංශයේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (29) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.

එහි දී  තේ හා පොල් වගාවන් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය සම්බන්ධව ද අමාත්‍යවරයා සාකච්ඡා කර තිබේ.

තේ වගාවන් සඳහා පොහොර යෙදීම ප්‍රවර්ධනය සඳහා දැනට ලබා දෙන රුපියල් 2000ක සහනාධාරය තවත් දෙගුණයකින් ඉහළ නැංවීමට තීරණය විිය. ඒ අනුව තේ පොහොර සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට පියවර ගන තිබුණු අතර මෙම සහනාධාරය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කර තිබේ.

තේ වගාවන් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය ඉහළ නැංවීම මෙන්ම තේවතුවල ඇති පාරවල් ප්‍රතිසංවර්ධනය කිරීමේ වැඩ සටහනක් ද ආරම්භ කිරීමට මෙහි දී  තීරණය විය.

දැනට නෙලන තේ දළු කර්මාන්තශාලා දක්වා ප්‍රවාහනය කිරීමේ දී මාර්ගවල ඇති අපහසුතා නිසා තේවල ගුණාත්මකභාවයට හානි සිදුවන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

ඒ අනුව තේවතුවල ඇති දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකරන ලද පාරවල් ශ්‍රී ලංකා තේ මණ්ඩලය සතු මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ පිළිවෙළක් වහා අරඹන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us