පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ දිවයින පුරා පාසල් සිසුන් රැසක් උෂ්ණාධික රෝගවලට ගොදුරු ව ඇතිබව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ මර්දනයට එරෙහිව අවිශිබම සමඟ අත්වැල් බැඳගනු ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය බලාපොරොත්තු වන බව එහි කැඳවුම් කරු පවසයි.
විශ්වවිද්‍යාල අනධ්‍යයන මණ්ඩලය හෙට වැඩවර්ජනයකට සැරසේ
වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
ග්‍රහලෝකාගාරය අද(27) සිට ලබන මස 12 වැනිදා දක්වා වසා තැබේ
අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
යුනයිටඩ් පෙට්‍රෝලියම් ඔස්ට්‍රේලියා සමාගම මෙරට වෙළෙඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා බලශක්ති අමාත්‍යාංශය සමඟ ගිවිසුම්ගත වී තිබෙන බව වාර්තා වනවා.
නව ග්‍රාම නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට ලහි ලහියේ කටයුතු සුදානමින්
නව ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.
නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අද (27) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා නව පොලිස්පති ලෙස පත් කර තිබේ.