අලි-පොහොට්ටු අයවැයට ඇල්පිටියේදී ජවිපෙන් ජැක් එකක්. ඒත් පරාදයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීම අද දින (28) පැවැත්විනි.
කතානායකට ගෙන එන විශ්වාසභංගයට ශ්‍රීලනිපයෙන් සහාය
කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පල කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
කොරියානු සමූහාන්ඩුවේ තානාපතිනිය, මියොන් ලී සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර බලශක්ති සහයෝගිතාවය පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණි.
විකල්ප අපේක්ෂකයෙක් පොහොට්ටුවට නැත්නම් රනිල්ට සහාය දීම සුදුසුයි - ඇමති ප්‍රසන්න
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් කළේ පොහොට්ටුව බැවින් ඊළඟ ජනාධිපතිවරණයේදී තමාට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැති බවත් එ තමන් එය පෞද්ගලිකව විශ්වාස කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා තිබේ.
කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙළක්
ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය සකස් කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
අධික රස්නය නිසා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
රට තුළ මේ වන විට පවතින අධික උණුසුම් කාලගුණ තත්වය තව දුරටත් ඉහළ යා හැකි නිසා අද (28) සිට අනිද්දා (1) යන දිනවල පාසල් දරුවන් එළිමහනේ රැදී සිටීමෙන් වැළකිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය දිගු වේ
ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය 5 වැනි වරටත් දීර්ඝ කර තිබේ.
ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය පණ ගන්වන්න ණය යෝජනා ක්‍රමයකට කැබිනට් අනුමැතිය
ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.