ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 3,950 සීමාව පසු කර ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙයි.
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ක්‍රීඩාවලදී උත්තේජක ගැනීමට එරෙහි පනතට කථානායක සහතික කරයි
ක්‍රීඩාවල යේදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (07) සිය සහතිකය සටහන් කර තිබෙනවා.
රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමේ දෙවැනි අදියර මෙවර අය-වැයෙන්
වසර 2025 අය-වැයෙන් අදියර තුනක් යටතේ වැඩි කළ රාජ්‍ය සේවක වැටුප්වල දෙවැනි අදියර වැඩි වීම ලබන වසරේ අය-වැයෙන් සිදු කරන බව රජය ප්‍රකාශ කරයි.
දේශීය වෙළදපොළේ බිත්තර මිළ පහළ ගොස් තිබෙන බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
වාහන අලෙවිය අඩුවී ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති. රජය විසින් වාහන ආනයනය සඳහා ඉකුත් ජනවාරි මස 28 වැනිදා අවසරය ලබාදුන්නේය.
අද (07) දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

		    
		    
		    
		    
		    
		    
		    
		    