ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය සම්බන්ධ ගැටලු විසඳාගැනීමට නව ක්ෂණික සහාය සේවාවක් ආරම්භ කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුර සහ වවුනියා දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
සූකර කර්මාන්තයේ යෙදෙන ගොවීන් සඳහා "සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක්" කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය විසින් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් සීනි, පරිප්පු කිලෝවක තොග මිල වැඩි වී ඇතැයි ද ඉරානයෙන් ලැබුණු හාල්මැස්සන් මේ වන විට නොලැබෙන බව අත්‍යවශ්‍ය පාරිභෝගික ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න පවසා ඇත.
තෙල් ගැන කිසිම ගැටලුවක් නෑ ! අප්‍රේල් මාසය වෙනකම් තෙල් ඇණවුම් ස්ථීර කර අවසන් - ඛනිජ තෙල් සංස්ථාව
ඊයේ (18) දිනය තුළ අප්‍රේල් මාසයට අදාළව තෙල් ඇණවුම් සියල්ල ස්ථීර කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
මෙරටින් වසරකට ක්ෂය රෝගීන් 8,500ත් 9,500ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.
ජනාධිපති සහ කටාර් ර්එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක් - ලංකාවට ස්ථාවරව ඉන්ධන සැපයීමටත් පොරොන්දුවක්
පවතින කලාපීය නොසන්සුන්තාව හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් රාජ්‍යයේ එමීර් හෙයික් තමිම් බින් හමාඩ් අල්-තානි අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද සිට ඉන්ධන ලබා දීම වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව
QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී අද (19) සිට වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදිම සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

