සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම සඳහා ලබා දී තිබෙන අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන් වේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) දිනයේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම දිනවල දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ දෙහි කිලෝවක් රුපියල් 1700ත් 1800ත් අතර මිලකට අලෙවි වන බව දඹුල්ල වෙළඳ සංගමයේ සභාපති පී. ඒ. සිරිවර්ධන පවසයි.
ප්‍රකාශයක් ලබාදීමට ගිය මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට
ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාව එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන හෙට (03) වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
තාක්ෂණයෙන් දියුණු ප්‍රතිකාර කිරීමට අවුරුදු 150ක් පැරණි ආඥා පනත බාධාවක්
දැනට පවතින මානසික සෞඛ්‍ය ආඥා පනත වසර 150ක් පැරැණි බැවින් රෝගීන්ට මානසික ප්‍රතිකාර කිරීමේදී එය දැඩි බලපෑමක් ඇති කරන බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ මහතා පැවැසීය.
නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් ජල බෝතල්, ළදරු කිරි බෝතල් සහ ප්ලාස්ටික් ආහාර ඇසුරුම් සඳහා එස්. එල්.එස්. ප්‍රමිති සහතිකය අනිවාර්යය කිරීමටත්, සිලි බෑග් (පොලිතින් බෑග්) නොමිලේ පාරිභෝගිකයන්ට නිකුත් කිරීම නොවැම්බර් 01දා සිට තහනම් කිරීමටත් රජය තීරණය කර ඇත.

