විෂ යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට සැලසුම්

Published in පුවත්
Tuesday, 21 July 2026 09:08

විෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, විෂ රසායනික ද්‍රව්‍ය යොදා ඉදවීම සිදුකළ පලතුරු වෙළෙඳපොළේ අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බවය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

කෙසෙල්, අඹ සහ ගස්ලබුවලට මෙවැනි විෂ රසායනික ද්‍රව්‍ය යෙදීම සමාජයේ විශාල ගැටලුවක් වී ඇති බවද සඳහන් කර සිටි අමාත්‍යවරයා ඊළඟ පියවරේදී මෙවැනි විෂ රසායනික ද්‍රව්‍ය යොදා ගන්නා ස්ථාන වැටලීමට කටයුතු කරන බවද පැවසීය.

අදාළ දැනුම්වත් කිරීම් සිදුකර ඇති අවස්ථාවකත් වෙළෙඳුන් මෙම ක්‍රමවේදය දිගින් දිගටම සිදුකරන්නේ නම්, ඊට අදාළව නඩු දැමීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us