පෑලියගොඩ මාළු මාර්කට් එකේ කැට අයිස් ජාවාරමක් හේතුවෙන් මාළු මිළ ඉහළට
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය තොග වෙළෙඳ සංකීර්ණයේ සිදුවන කැට අයිස් බෙදාහැරීමේ ජාවාරමක් හේතුවෙන් මත්ස්‍ය මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.
ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළව සිරකරුවන් 8 දෙනකුගෙන් ප්‍රශ්න කිරීමක්
සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් කරන පුළුල් විමර්ශනයට අදාළව බන්ධනාගාරයේ සිටින සිරකරුවන් 8 දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණය පොලිසියට ඊයේ (27 වැනිදා) පස්වරුවේ අවසර දුන්නේය.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අධික වියළි කාලගුණයෙන් ප්‍රධාන ජලාශ වල ජල මට්ටම පහතට
මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම් සීග්‍රයෙන් පහළ බැසයාම හේතුවෙන්,දෛනික විදුලි උත්පාදනයේදී සූර්ය පැනල සහ තාප විදුලි බලාගාරවලට මූලිකත්වය ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු යොදා තිබේ.
මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
කෝටි 5ක කුණු ඉස්සන් වෙළෙඳපොළට අලෙවි කිරීමේ උත්සහයක්
වරායෙන් නිදහස් කර නොගත් සත්ත්ව ආහාර ලෙස විකිණීමට තිබූ රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් ඉස්සන් අඩංගු කන්ටේනර් දෙකක් විනාශ කිරීමට රැගෙන යන මුවාවෙන් වරායෙන් නිදහස් කරගෙන විවෘත වෙළෙඳපොළේ අලෙවි කිරීමේ උත්සහයක් පවතින බවත් වරාය භාණ්ඩ ලංසුකරුවෝ පවසති.
ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක්
සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක් මේ දිනවල පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
ගණේමුල්ල සංජීවගේ ඝාතනයට තවත් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.