හිටපු පොලිස්පති මිය යාමට දින 2කට පෙර කතරගම දේවාලේ වැඳපුදාගෙන

Published in පුවත්
Tuesday, 21 July 2026 09:26

හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මිය යාමට දින දෙකකට පෙර රුහුණු මහා කතරගම දේවාලයද වැඳපුදාගෙන ඇත.

හිටපු පොලිස්පතිවරයා පසුගිය 14 වැනිදා සිය හිතවතකු සමගින් කතරගමට පැමිණ ඇති අතර එදින කතරගම පිහිටි පොලිස් නිවාඩු නිකේතනයේදී ආහාර ද ලබාගෙන ඇත.

මෙම නිවාඩු නිකේතනයේ ස්ථානාධිපතිවරයා විසින් හිටපු පොලිස්පතිවරයාගේ පැමිණීම ගැන කතරගම පුදබිමේ විශේෂ ආරක්ෂක රාජකාරියේ නිරත සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් ප්‍රනාන්දුට පවසා ඇති අතර සහකාර පොලිස් අධිකාරිවරයා විසින් ඒ පිළිබඳ මාතර හා තංගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහට ද පවසා ඇත.

එම නිලධාරීන් දෙදෙනාම පොලිස්පතිවරයා කතරගම පුදබිමේ සොයා ඇතත් පොලිස්පතිවරයා හමුවී නැත. දුරකථනයටද ප්‍රතිචාර දක්වා නැත.

නමුත් ලබාගත් දුරකථන ඇමතුමකට ප්‍රති ඇමතුමක් හිටපු පොලිස්පතිවරයාගෙන් ලැබී ඇත්තේ සහකාර පොලිස් අධීකාරී ප්‍රසාද් ප්‍රනාන්දුටය.

එහිදී හිටපු පොලිස්පතිවරයා පවසා ඇත්තේ තමා හදිසියේම කතරගමට පැමිණි බවත් කතරගම පෙරහර මංගල්‍ය අවසන් වීමට පෙර යළි කතරගමට පැමිණෙන බවත්ය.

සහකාර පොලිස් අධිකාරිවරයා කියා සිටියේ පොලිස්පතිවරයා කතා බහ කළ ආකාරයෙන් ඔහු කිසිදු මානසික පීඩනයකින් හෝ කිසිදු ගැටලුවකින් නොසිටි බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us