ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රන් මිල 1% කට වඩා වැඩි අගයකින් අද (27) දිනයේදී ඉහළ ගොස් ඇත.
මෙහිදී ලෝක වෙළඳපොළේ රන් (Spot gold) අවුන්සයක මිල 1.3% කින් ඉහළ ගොස් ඩොලර් 4,103.59 ක් ලෙස සටහන්ව තිබේ.
මේ අතර, අමෙරිකාවේ රන් මිල ගණන් (Futures) 0.9% කින් ඉහළ ගොස් ඩොලර් 4,106.00 ක් දක්වා අගයක පවතී.
බොරතෙල් මිල පහත වැටීම සහ අමෙරිකානු ඩොලරයේ අගය 0.3% කින් පහත වැටීම හේතුවෙන් රත්රන් සඳහා ඇති ඉල්ලුම ඉහළ ගිය බව වෙළඳපොළ විශ්ලේෂකයෝ පවසයි.
මෙයට අමතරව හෙට (28) සහ අනිද්දා (29) පැවැත්වීමට නියමිත අමෙරිකානු ෆෙඩරල් සංචිතයේ (Fed) හමුවේදී පොලී අනුපාත වෙනස් නොවී පවතිනු ඇතැයි ආයෝජකයෝ අපේක්ෂා කරයි.
මෙම තත්ත්වය හමුවේ රත්රන් පමණක් නොව අනෙකුත් ලෝහවලද මිල ගණන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව රිදී මිල 2.7% කින් (අවුන්සයක ඩොලර් 59.74), ප්ලැටිනම් මිල 3.5% කින් (ඩොලර් 1,643.70) සහ පැලේඩියම් මිල 3.4% කින් (ඩොලර් 1,285.00) ඉහළ ගොස් ඇති බවයි වාර්තා වේ.

