මේ වන විට දියඹට ගොස් තිබෙන බහුදින යාත්‍රාවලින් මත්ස්‍ය අස්වැන්න ලැබෙන නිසා ඉදිරි දින කිහිපය තුළ විශාල ප්‍රශ්නයක් මතු නොවුණත් දැනට පනවා තිබෙන තහනම හේතුවෙන් සාලයා, හුරුල්ලා සහ කුම්බලා, ගල්මාළු මිල ගණන් යළි ඉහළ යනු ඇතැයි එම වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි ‘අරුණ’ට පවසයි.
මීට සතියකට දෙකකට පෙර සාලයා, හුරුල්ලා වැනි මාළු කිලෝවක තොග මිල රුපියල් 1000 ඉක්මවා ගොස් යළි රුපියල් 1000 සීමාවට අඩු වූ බවත් මුහුදේ සුළං තත්ත්වයත් සමග කුඩා මාළු මිල ගණන් යළි ඉහළ යනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කළේය.

