හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 2024 මුල් මාස හතර සඳහා වෙන්කර තිබූ මුදලට සමාන මුදලක් අද (05) ඉදිරිපත්කළ අතුරු සම්මත ගිණුම මගින් 2025 මුල් මාස හතර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට ද වෙන් කර ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ හානි වූ වගා බිම් අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් අවශ්‍ය බව අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි.

ලුනු හිඟයක්

Published in පුවත්
Thursday, 05 December 2024 09:33

පසුගිය වසර එක හමාරක පමණ කාලයක් පැවැති වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ප්‍රමාණවත් තරම් ලුනු නිෂ්පාදනයට නොහැකි වීමෙන් ඉදිරි උත්සව සමයේදී ලුණු හිඟයක් ඇති වී ඒ හරහා මිල ඉහළ යාමට හැකි බවට ව්‍යාපාරිකයෝ අනතුරු අඟවති.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (06) දිනයේදී ප්‍රකාශයට පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (4) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වෙළඳපොළ තුළ පවතින සහල් හිඟයට විසඳුමක් ලෙස අද (දෙසැ. 4) සිට දිනකට සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 2ක් බැගින් සතොස මගින් බෙදා හැරීමට රජය තීරණය කර තිබේ.

දූෂණ සහ තවත් චෝදනා රැසක් එල්ල වී තිබුණු හමුදා බුද්ධි ප්‍රධානියා ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us