ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තීන්දු කල බවත් එම තීරණය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් ගනු ලැබූ බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.
මෙරට ධාවනය වන වාහන ලක්ෂ 58 අතුරින් වාහන 1,160,000ක් වායු විමෝචන මධ්‍යස්ථානවලදී අසමත්වන බව අනාවරණය වී තිබේ.
පොහොට්ටුවේ ධම්මික හෙට කලඑළි බසී. මහින්දගේ සහය නැතිලු.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉදිරිපත් වන බව හෙට (07) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයින් රාජකාරී කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කැබිනට් අමාත්‍යාංශවල ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරු අද මැතිවරණ කොමිසමට
සියලු කැබිනට් අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරු අද (06) මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.
අද (06) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.