ක්‍රියාන්විත රාජකාරියේදී තම ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන්ගේ සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ දෙමාපියන් වෙත මෙම දීමනාව ලබාදීම රණවිරු සේවා අධිකාරියේ මාපිය රැකවරණ අංශය විසින් සිදු කරනු ලබයි.
මෙම දීමනාව යටතේ සුදුසුකම්ලත් දෙමාපියන්ට මාසිකව රු. 750.00ක මුදලක් ලබා දීමට කටයුතු කරයි.
දීමනාව ලබා ගන්නා දෙමාපියන් ජීවතුන් අතර සිටින බව තහවුරු කිරීම සඳහා, වසරකට වරක් අදාළ ජීව දත්තසහතිකය (Life Certificate) රණවිරු සේවා අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතුයි.
මෙම සහතිකය ඔවුන් පදිංචි ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරියා විසින් සහතික කර නොවැම්බර් මස පළවෙනි දින සිට පෙබරවාරි මස 28 දක්වා වූ මාස හතරක කාල සීමාව තුළ රණවිරු සේවා අධිකාරිය වෙත යොමු කළ යුතු බවද සඳහන් වේ.
දැනට 32,867ක් වූ සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් අතරින් 17,000 ආසන්න ප්‍රතිලාභීන් පිරිසක් පමණක් නිසි පරිදි සහතිකය ලබා දී ඇති අතර, ඉතිරි ප්‍රතිලාභීන්ගේ ජීවත්වීම තහවුරු නොවීම හේතුවෙන් ඔවුන්ගේ මාසික දීමනා තාවකාලිකව අත්හිටුවා ඇත.
ජීව දත්ත සහතිකය ලබා නොදුන් රණවිරු දෙමාපියන් කඩිනමින් ජීව දත්ත සහතිකය ලබා දී, තම දීමනා ලබා ගැනීමේ නෛතික අයිතිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස ද රණවිරු සේවා අධිකාරිය මෙහිදී ඉල්ලා සිටී.
එමෙන්ම දීමනාව අඛණ්ඩව ලබා ගැනීම සඳහා මෙම සහතිකය ඉදිරිපත් කිරීම නීතිමය වශයෙන් බැඳී සිටින කාරණයක් වන අතර, ප්‍රමාද වීමෙන් ලැබිය යුතු මුදල අහිමිවීමට ඉඩ ඇති බව රණවිරු සේවා අධිකාරිය දැනුම් දී ඇත.

