ජනාධිපතිවරණයට තරග කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ආරියනේත්‍රන්
එළැඹෙන ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා දමිළ පොදු අපේක්ෂකයෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ආරියනේත්‍රන් නම් කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබේ.
පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කරමින් වාස් ඇතුළු 6දෙනාගේ මරණීය දණ්ඩනය යළි තහවුරු කරයි
2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) තහවුරු කරනු ලැබීය.
හිටපු බන්ධනාගාර කොමසාරිස් ළමාහේවා මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස්
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරු ඝාතන චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම රුපවාහිනී ප්රවෘත්ති නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය දැයෙන් සමුගනී
සම්මානනීය ප්‍රවීණ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 80 වියේ පසු විය.
ගොවීන් මුහුණ දෙන ගැටළු කඩිනමින් නිරාකරණය කිරීම සඳහා රජය අවධානය
මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල යළ කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වී තිබේ.
ගැසට්ටුවට විරෝධය පළ කරමින් ග්‍රාම නිලධාරීන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක
ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි.
"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයකු ජනතාවගෙන් වංචා කල මුදල් යොදවා රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 16ක් මිලදීගෙන ඇති බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කරනු දක්වමින් ඊයේ (07) පැවසීය.