ගාල්ලේ ධීවර වරායේ ශීතාගාර සහ අයිස් නිෂ්පාදනාගාර සංකීර්ණයේ යන්ත්රාගාරය ගින්නෙන් විනාශ වී දැනට මාස දහයක් ගතවී ඇතත්, මෙය පිලිසකර කිරීමට පාලනාධිකාරිය මෙතෙක් අසමත්වී ඇත.
අදින් පසුව මැති ඇමති කවුරුන් හෝ චීවරයට අත ගසන්නට පැමිණියහොත් එය ආණ්ඩුවේ අවසානය බවත්, ආණ්ඩුවේ සිට කෑගසන සුනඛයන් බැඳගන්නා ලෙස ජනාධිපතිවරයාට අවධාරණයෙන් යුතුව දන්වා සිටිනබවත් බවත් ඥානසාර හිමියෝ පැවසූහ.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ සහ ඔහුගේ සොයුරු, ඌව හිටපු අමාත්‍ය අනුර විදානගමගේ හා තවත් පුද්ගලයකු 26 වැනි දාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහියංගන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය මහියංගන පොලිසියට ඊයේ (07) නියෝග කළාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජාතික නිදහස් පෙරමුණට එකඟතාවයක් පල කර නැතැයි ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
බොදුබල සේනාව නිසා තම මැතිවරණ ව්‍යාපාරයටද ප්‍රශ්ණයක් වී ඇත්තේ යයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන් හා පැවසුවේ යැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.