විදේශ තානාපතිවරු 49 දෙනා අතුරින් 35 දෙනකු දේශපාලන පත්වීම් වන අතර, අද විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ශාඛා සමිතියක් හැටියට පත්වී තිබෙනවා යැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා ඊයේ සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවැසීය.
කවර හෝ සංවිධානයක රැස්වීමක් හෝ සාකච්ඡාවක් පැවැත්වෙන ස්ථානයකට බලහත්කාරයෙන් කවුරු කඩා වැදෙන්න ගියත් එය නීති විරෝධී කටයුත්තක් බවත් ඒ ගැන ශ්‍රී ලංකාවේ නීතිය ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ අවධාරණය කර සිටියි.
මරදාන, සමාජය සහ සාමයික සංවිධානයේ සාකච්ඡාවට භික්ෂූන් වහන්සේ ගොස් බාධා පැමිණවීම බරපතළ වරදක් බව 'බිබිසි සංදේශයට' පැවසූ ඇමතිවරයා, පොලීසිය ඔවුන්ට විරුද්ධව ක්‍රියා කළ යුතු බවද කියා සිටියේය.
පොලීසිය මෙවැනි අවස්ථාවලදී විය යුතු ආකාරයට කටයුතු සිදු නොකිරීම ගැන දැනටමත් පැමිණිළි ලැබී තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය
“ පොලීසිය අවහිර කරන්නන් ඉවත් කරනවා වෙනුවට එම අවහිරයට භාජනය වන්නන්ගේ ක්‍රියාකාරිත්වය නැවත්වීමට උත්සාහ කරනවා. පොලීසිය කරන්නේ ඇත්තටම ඔවුන්ගේ වගකීමට ප්‍රති විරුද්ධ දෙයක්,” ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේය.
රජයේ වගකිවයුතු ඇමතිවරයකු හැටියට මෙවැනි තත්වයන් වැළැක්වීමට තමන් ගන්නා ක්‍රියා මාර්ග කවරේදැයි විමසූ විට, තමන්ට එවැනි පැමිණිල්ලක් ලැබුනහොත් නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයාට තම අදහස කියා යවන බවත් ඉන් ඔබ්බට යමක් කළ හැකි නම් එය ඉටු කිරීමට තමන් සූදානම් බවත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
විදෙස් තානාපති නිලධාරීන් සීමාව ඉක්මවලා :
විදෙස් තානාපති නිලධාරීන් ශ්‍රී ලංකාවේ දේශපාලන සහ සමාජ සංවිධාන සමඟ සම්බන්ධකම් පැවැත්වීම වරදක් නොවන බව පවසන ජාතික භාෂා සහ ජනවාර්ගික කටයුතු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, ඔවුනට මේ රටේ කටයුතු කිරීමේදී සිදුවන දේ දැන ගැනීමටත් රටේ පවතින ස්වභාවයන් හඳුනා ගැනීමටත් අවශ්‍ය බව ප්‍රකාශ කරයි.
එහෙත් ඔවුන් ඒ සීමාව ඉක්මවා ගොස් එම සමාජ සංවිධානවල පංගු කරුවන් වනවා නම් එවිට එය මෙරට අභ්‍යන්තර ප්‍රශ්නවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමක් ලෙස සැලකිය හැකි බව ඔහු කියා සිටියේය.
“ ලංකාවේ විශේෂ වූ ජන කොටසක් හෝ විශේෂ වූ භූමි ප්‍රදේශයක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මැදිහත්වීම නොවිය යුතුයි කියල කියනවට වඩා පොදුවේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාකාරීත්වය හෝ සමාජ මැදිහත්වීම් තුළ ඔවුන් නොසිටිය යුතුයි,” ඇමතිවරයා සඳහන් කළේය.
සුළු ජාතික ජන කොටසක් මුල් කර ගෙන නොව, යම්කිසි ආකාරයකට මෙරට පෙළ ගැසෙන දේශපාලන බලවේගයක් සම්බන්ධයෙන් වුවත් ඔවුන් යම්කිසි දායකත්වයක් දෙන්නට උත්සාහ දැරුවොත් එයත් වැරදි බව ඔහු පැවසුවේය.
දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ක් නුවර පිහිටි නෙල්සන් මැන්ඩෙලා චතුරස්‍රයේ පිහිටුවා ඇති නෙල්සන් මැන්ඩෙලාගේ ප්‍රතිමාව අසල නැවතුණ එක් කාන්තාවක එම පිළිරුව වටේ කැරැකි, කීසිම අපහසුවකින් තොරව සිය ඇඳුම් ගලවා දමා එම රූපය වැලඳ ගන්නා අයුරු දුටු පාරේ ගමන් කරන්නෝ නොදැක්කා සේ ගමන් කළෝය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ඉවත්වීමට කැමැති හමුදා සෙබළුන්ට හිතාමතා සේවයට වාර්තා නොකර නොසිට හමුදා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඔස්සේ හමුදාවට දැනුම් දී ඉවත් වීමට අවස්ථාව සලසා දී තිබේ.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා බැංකොක් නුවර පැවැත්වෙන ආසියා ෆැසිපික් තිරසාර සංවර්ධන හා මූල්‍ය සංවර්ධන පිළිබඳ එක්සත් ජාතින්ගේ ආසියා ෆැසිපින් සමාජ ආර්ථික කොමිෂමේ 70 වෙනි (යුනෙස්කැප්) සැසියට සහභාගිවේ.
මෙම සමුළුව අගොස්තු 7, 8, 9 තෙදින බැංකොක් නුවර එක්සත් ජාතින්ගේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
මෙම සමුළුවේදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය අමුණුගම මහතා දේශනයක් ද පවත්වයි.
ආචාර්ය සරත් අමුණුගම මහතා සමග දකුණු පළාත් සභා මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියද ඊයේ (06) අලුයම 1.10 ට UL 404 ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් බැංකොක් බලා පිටත්විය.
නියමිත වසරේදී අයෑදුම්පතක් ඉදිරිපත් නොකළ ශිෂ්‍යාවක දේශපාලන බලපෑම් මත රුහුණ විශ්වවිද්‍යාලයීය කලා පීඨයට ඇතුළත් කිරීමට විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
මුස්ලිම් ජනතාවට විරුද්ධව අගෝස්තු 10 වැනිදායින් පසුව නැවතත් ප්‍රශ්න ඇති කිරීමට යම් පිරිසක් සූදානම් වන බවත් මේ සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී රැස්වීමක් පැවත්වා ඇති බවත් සඳහන් කරමින් ජාතීන් අතර ගැටුමක් ඇති වන පරිදි ව්‍යාජ කෙටි පණිවුඩ යැවීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මූලස්ථානය පවසයි.