ශිරාණි එක් දිනකට වැඩ බාර ගනියි(update)

Published in පුවත්
Wednesday, 28 January 2015 13:28

හිටපු ජනපතිවරයාගේ පාලන සමයේ ධුරයෙන් ඉවත් කෙරුණු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද දහවල් යළි අගවිනිසුරු ධුරයේ වැඩ ආරම්භ කළා ය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ කැබිනට් පත‍්‍රිකාවක් මගින් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරුවරිය ලෙස යළි පත්කර තිබේ.

මේ සමග මොහාන් පීරිස් මහතාගේ පත්වීම අවලංගු වන අතර එය නීතිවිරෝධී පත්වීමක් බවද අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, අද වැඩ ආරම්භ කළ ඇය හෙට දිනයේ විශ්‍රාම යාම සඳහා ඉල්ලා අස්වන බව දැනුම් දී ඇති බව ය.

ශ‍්‍රී ලංකාවේ 43 වන අගවිනිසුරුවරිය ලෙස කටයුතු කළ ශිරාණි බණ්ඩාරනායකට එම ධුරයේ කටයුතු කිරීම සඳහා පැවති බාධා රජය විසින් ඉවත් කර ඇති බව ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසුරිය ප‍්‍රකාශ කළේය.


කෙසේ වෙතත් ඇය එම ධුරයෙන් හෙට දිනයේදී විශ‍්‍රාම ගැනීමට තීරණය කර ඇති බව මීට ටික වේලාවකට පෙර ශ‍්‍රී ලංකා නීතීඥ සංගම් කාර්යාලයේ පැවති විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.

 

ශිරාණි යළිත් ශ්‍රේෂ්ඨාධිකරණයට

43 වැනි අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මීට ටික වේලාවකට පෙර අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ අගවිනිසුරු නිල කුටිය අසලින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලයයට ගියාය.

එහිදී ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මල් කළඹක් දී ඇයව පිළිගත්තේය.

නීතීඥවරු සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු ද අලුත්කඩේ උපරිමාධිකරණයේ රැස්වී සිට ඇයව පිළි ගත්හ.

ශිරාණි බණ්ඩාරනායක 43 වැනි අගවිනිසුරුවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ වසර දෙකකට පසුය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ එම් ඒ සුමන්තිරන් , ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ සී වැලිඅමුණ මහත්වරු ඇතුළු නීතීඥවරු රැසක් ඇය පිළිගැනීමට පැමිණ සිටියහ.

පසුගිය රජය 43 අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මියව තනතුරින් ඉවත් කළ ආකාරය නීති විරෝධී බැවින් සහ 44 වැනි අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් පත් වීම ද ඒ නිසා නීති විරෝධී වන බැවින් ස්වාධීන අධිකරණයක ආලෝකය දැල්වීම සඳහා පදවියෙන් ඉවත්ව යන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැති මොහාන් පීරිස් අගවිනිසුරුට ලිපියක් යවා ඇත.මේ බව නීතීඥ එකමුතුවේ කැඳවුම්කරු ජේ සී වැලිඅමුණ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු කුටිය ඉදිරිපිට දී අද(28)ප්‍රකාශ කළේය.

ශිරාණි බණ්ඩාරනායක 43 වැනි අගවිනිසුරුවරිය වැඩ භාර ගෙන අදම විශ්‍රාම යෑම සඳහා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණෙන බව ඔහු අද උදෑසන පැවසුවේය.

 

Last modified on Wednesday, 28 January 2015 15:20

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us