ශ‍්‍රී ලංකාවේ මෙන්ම ආසියානු රටවල මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් පිරිනමන ‘‘රයිට් ලයිව් හුඩ් අවෝර්ඩ්’’ (the Right Live hood Award) නමැති ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ ආසියානු මානව හිමිකම් කොමිසමේ (hongkong) අධ්‍යක්ෂවරයා ද වූ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා සමග ‘‘නීතියේ ආධිපත්‍යය හා යහපාලනය’’ නමින් පැවැත්වෙන විවෘත සාකච්ඡාව 2015 – 01 – 23 දින පෙ:ව: 09;30 සිට ප:ව: 01.00 දක්වා කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවැත්වේ.
ස්වාධීන රූපවාහිනියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය ධම්මික ගංගානාත් මහතා පත්කර තිබේ.
නව ආණ්ඩුවේ විදුලි සංදේශ ඇමැතිවරයා ලෙස අද දින (20) විදේශ ඇමැති මංගල සමරවීර .මහතා වැඩ බාර ගැනීමට නියමිත බව වාර්තාවේ.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශයේ ඇති පුද්ගලික රක්නා ලංකා සමාගම වෙත ආරක්ෂක අමාත්‍යංශය නීත්‍යානුකූලව ලබා දී තිබූ අවි තොගයෙන් 90% ක් පමණ හමුවූයේ නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කරයි.
වැලිකඩ රැඳෙවියන් මරා දැමීමේ ඇසින් දුටු සාක්ෂියක් !
ආයතන ගනනාවක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට අද (20) පැමිණිලි කරන බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි.
රාජපක්‍ෂ රජය යටතේ විදේශ තානාපති සේවාවන් සඳහා පත් කර යැවූ ඥාතින් හා හිතමිතුරන් 31 දෙනෙකු ආපසු සියරට කැඳවන බවට නව රජයේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කළ ද විදේශ සේවාවන් සදහා පත් කර ඇති ත්‍රිවිධ හමුදා නිලධාරින් නැවත කැඳවීමට මෙතෙක් පියවර ගෙන නොමැති බව වාර්තා වේ.

