ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක්‌ අද හෝ හෙට  විශේෂ ප්‍රකාශයක්‌ කර විපක්‍ෂයේ අසුන් ගැනීමේ උත්සාහයක්‌ පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ පිරිස ඊයේ (20 දා) හිටපු ප්‍රබල දේශපාලනඥයකුගේ නිව සේදී හමුවී රහසිගත සාකච්ඡාවක්‌ ද පවත්වා ඇතැයි 'දිවයින' පුවත්පත අනාවරණය කරයි.

ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනවල රුපියල් කෝටි 975කට අධික මූල්‍ය වංචා දූෂණ සිදුවී ඇති බව නවතම කෝප් වාර්තාවෙන් හෙළි වේ.




මුදල් අමාත්‍යංශයට අයත් සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලයේ රුපියල් හතලිස් හතර කෝටි අසූ ලක්ෂ හැටහතර දහස් නවසිය  හතලිහක (රු.448,064,940) මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇත.


ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ රුපියල් කෝටි 240ක්ද ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ආයෝජනය කර තිබෙන රුපියල් එකසිය දහතුන් කෝටි හැටපන් ලක්ෂයක්ද (රු.1,136,500,000) නිවසා සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ රුපියල් කෝටි 300ක ආයෝජනයක්ද ආදී වශයෙන් මෙම වංචා දූෂණ සිදුවී ඇත.

රජයෙන් ඉවත් වූ ජාතික හෙළ උරුමය සමග යළි සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනත් පුද්ගලයකුගේ නමින් පුවත්පත් සාකච්ඡාවක් සඳහා පෙරවරු 10 ට කොළඹ නව නගර ශාලාව  වෙන් කැර ඇතැයි ලැබුණු ආරංචි අනුව දෙස් විදෙස් මාධ්‍යවේදීහු එහි  රොක් වී සිටිති.

ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා තොරාගෙන ඇති බව එම ආරංචිමාර්ග තහවුර කරයි. මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය අද දින නිකුත් කෙරෙණු ඇති බවද වාර්තා වේ. මේ අතර සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන නිල ප‍්‍රකාශනය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

MaithreepalaSirisenaසෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා අද හෝ හෙට ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එ.ජ.නි.ස. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද සවස එ.ජා.ප. එක් වී තිබේ.

මේ දින වල ජනාධිපතිවරයා විසින් සරසවි වල නේවාසිකාගාර ගැටළු විසදූ බවට ප‍්‍රකාශ කරමින් වැඩ අවසන් කල නේවාසිකාගාර විවෘත කිරීමට තමා සම්බන්ධ වන බව හා සරසවි වල සියළු ප‍්‍රශ්ණ තමා විසින් විසදන බව කියමින් රූපවාහිනී වෙළද දැන්වීම් ප‍්‍රචාරය කරන බව අත්කර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us